ඩීප් ෆැතම්
About this book
හිටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්‍ය දසුනක් නොවේ:
මහපොළොව ගිනිගනිමින් තිබේ!
සූර්ය ගිනිදැල්වල ප්‍රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්‍යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් එයාෆෝස් වන්’ යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.
අමෙරිකාව, න්‍යෂ්ටික ප්‍රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ‛ඩීප් ෆැතම්’ නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කක්ලන්ඩ් මත පැටවේ.
ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මඟ බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?
Details
ISBN
9786245579938
පිටු ගණන (Pages)
650
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review