Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අයිස් හන්ට්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
About this book

පෘථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, 'ග්‍රෙන්ඩල් අයිස් නැවතුම’ සෝවියට් සංගමය සමයේ ව්ලැඩ්මර් පෙට්කොෆ් නමැති විද්‍යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.

එහෙත් මේ විද්‍යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග්‍රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, 'පෝලා සෙන්ටිනල්' නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහිදී ඔවුන්ට සැඟවුණු විද්‍යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි.

මේ අතර තම පියාගේ පරීක්ෂණ ප්‍රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන ව්ලැඩ්මර් පෙට්කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙට්කොෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු උත්තර ධ්‍රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.

සුපිරි බලවතුන් අතර සිදුවන බල අරගලයේ තීරණාත්මක සටනක් අතරතුර, අඩක් ගිලුණු අයිස් නැවතුම තුළ පවතින බියජනක සත්‍යය හෙළිදරව් කරගැනීමට අමෙරිකානු පිරිස සමත් වෙති.

මනුෂ්‍ය සංහතියේම ඉදිරි අනාගතය වෙනස් කළ හැකි මේ සොයාගැනීමත් ඒ සමඟ සිදුවීමට නියමිත මහා විනාශයත් වළකාගැනීමට ඔවුන්ට හැකි වේද? නැතහොත් රාජ්‍යයන් දෙකක බල අරගලය වෙනුවෙන් දිවි පිදීමට ඔවුන්ට සිදුවේද? දඩයම ගොදුර බවටත්, ගොදුර දඩයම බවටත් පත්වෙමින් සිදුවන සටනේ අවසානය කෙසේ සනිටුහන් වේද?

මේ, ඒ බියකරු සත්‍යයේ කතාවයි.

Details
ISBN
9786245579594
පිටු ගණන (Pages)
600
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ
    අයිස් හන්ට් ~ ICE HUNT

    "එස්කිමෝ ගම්මානය අතුරුදහන් !!

    පොලීසිය දඩයක්කරුගේ කතාව තහවුරු කරයි."

    අයිස් හන්ට් ප්‍රකට ලේඛක ජේම්ස් රෝලිංස් ගේ Ice Hunt නම් නවකතාවේ පරිවර්තනයකි. මෙය එක් අයුරකින් විද්‍යාත්මක මෙන්ම ත්‍රාසජනක අයුරෙන්ද ලියවී ඇති කෘතියකි. ඇමේසන් වනාන්තරය පසෙකලා මෙවර ඔහු ඔබව කැඳවාගෙන යන්නේ ශීතලෙන් පිරි උත්තර ධ්‍රැවයටයි.

    ප්‍රථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, ඇමරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, 'ග්‍රෙන්ඩල් අයිස් නැවතුම'. සෝවියට් සමයේ විද්‍යාඥ විලැමිඩර් පෙට්කෝෆ් සදාකාලික ජීවය රැක ගැනීමේ අද්විතීය පරික්ෂණයක නිරත වෙයි. එහෙත් මෙම විද්‍යාඥයා සමඟ අතුරුදහන් වන අයිස් නැවතුම නැවත සොයා ගන්නේ ඉන් වසර 70ට පසු ඇමරිකානු සබ්මැරිනයක් වන පෝලා සෙන්‍ටිනල් විසිනි. එහිදී ඔවුන්ට අයිස් නැවතුම තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වේ.

    මේ අතර තම පියාගේ පරික්ෂණ සි‍යතට ගැනීමට වෙහෙසෙන අද්මිරාල් වික්ටර් පෙට්කෝෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබා ගෙන අයිස් නැවතුම විනාශ කිරීම ඔහුගේ අරමුණයි. එතැන් සිට අයිස් නැවතුමේ ඇමරිකානු සහ රුසියානු හමුදා අතර මාරක සටන් ඇරඹේ.

    මේ අතර අයිස් නැවතුමේ පවතින බියජනක සත්‍යය අනාවරණය කර ගැනීමට ඇමරිකානු පිරිස සමත් වෙති. මේ ඒ බියජනක සත්‍යයේ කතාවයි.

    අයිස් හන්ට් කියවා මසකටත් ආසන්න ය. තවමත් මතකයට එන්නේ ග්‍රෙන්ඩල් අයිස් නැවතුමයි, ග්‍රෙන්ඩල් පිළිබඳවයි, පෝල් සෙන්ටිනල් සබ්මැරීනයේ තාක්ෂණික හැකියාවයි. සරලව පැවසුව හොත් එය පරිවර්තනය කිරිමෙහි ලා මංජුල දිසානායක මහතාගේ කුසලතාවයි.

    ප්‍රකාශනය - මියුසස් ප්‍රකාශන
    පිටු -599
    මිල - රු. 2,400.00

    සටහන
    රංග යුදාර
    Ranga Yudara ·
Write a review

You're reviewing: අයිස් හන්ට්

Reviews are published once a member of our team has read them.