Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අත්ලාන්තික් දඩයම

අත්ලාන්තික් දඩයම

About this book
ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදත් නගරය පිළිබඳ පුරාවෘත්නයයි. ඒ අතුරුදත් නගරය කොහේදැයි යන ප්‍රළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ සීතා විසිගේ විශ්වාසය විය.
ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්'ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, කාරී ප්‍රොස්ට් සහ නීතාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ එඩී චේස් ඇගේ ගවේෂණයට සහාය වෙති.
එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන 'සහෝදරයත්වය වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟ වී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි. අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට සහෝදරත්වය කටයුතු කර තිබිණි. නීතාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය.
මැන්හැටින්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීතා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදන ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මත් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද? ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සංහෝදරත්වය පමද?
මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැගවුණු බිහිසුණු මිලේච්ඡත්වයේ කතාවයි.
ISBN
9786245579211
පිටු ගණන (Pages)
558
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අත්ලාන්තික් දඩයම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.