Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චැරියට් පාත්

චැරියට් පාත්

About this book

"ගැහැනියකගේ ඇඟිලිවල නිය අතරට පිරිමියෙකුගේ සම් කැබැලි යන්න පුළුවන් හේතු ගැන මොකද හිතන්නේ?” රාවණ් විමසුවේ තම සයනය මත සිටින ඇයගේ දෑස් අභ්‍යන්තරයටම කිමිදෙමිනි.

තමාට ඇසුණු වදන් වටහාගත නොහැකිවාක් මෙන් ඇය ඔහු දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුවය.

"සම් කැබැලි නිය අතරට එන තරමටම පිරිමියෙකුගේ ඇඟක් සූරන්න තරම් ක්ලේරාට තියෙන්න පුළුවන් හේතු දෙකයි නේද?” ඔහු තමා දෙස බලා සිටින යුවතිය දෙසට මඳහසක් පාමින් කීවේය.

*එක... ඇය බේරෙන්න මිනිහත් එක්ක පොර බදලා තියෙන්න පුළුවන්. නැත්නම්...”

ඔහු පවසන්නට ගිය දෙය නවතා කවුළුව අසලට ගොස් හන්තාන කඳුයාය දෙස බලමින් සිනාසෙන්නට විය. අහස කළු කරගෙන මහ වැස්සක් ඇද හැලෙන්නට ආසන්නව ඇතැයි ඔහුට සිතිණි. හැර තිබූ කවුළුවෙන් ඇදී ආ සිහින් සුළං රැල්ලක් හමායමින් තිබිණි.

"නැත්නම්..?”  ඔහු අදහස් කළ දෙය නොවැටහුණු ඇය ප්‍රතිරාවය කළාය. "නැත්නම්...”

ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වූ මාධ්‍යවේදිනියකගේ අබිරහස් ඝාතනයක්...

ඇයගේ ඝාතකයා හඹා යන පරීක්ෂණ කණ්ඩායම් ත්‍රිත්වයක්...

විශේෂ විමර්ශන බුද්ධි ඒකකයක් නියෝජනය කරමින් එයට මැදිවන ‛රාවණ් ලියෝ’ගේ රහස් පරීක්ෂණ මෙහෙයුම...

චැරියට් පාත්

ISBN
9786245579716
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: චැරියට් පාත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.