ඒක අමුතු කතාවක්

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
eka-amuthu-kathawak-bhagya-panditharathna-muses-books

ලංකාවෙ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?

“ඔහ්... කමෝන්! මේක සාමාන්‍ය පැහැරගැනීමක් නෙමෙයි...” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්...”

“ඔව්..?”

“ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”

“මොකක්?”

මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැඟිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්.

“තෑන්ක්ස්...” එයාගෙ ආචාරශීලී ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තුති නොකර බැරිවුණා.

“මේක ටිකක් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ... සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”

කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට...

එයා හදිස්සියෙම මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමන් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.

“අපි දෙයක් කරන්න යන්නෙ...”

එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.

"ම්ම්?"

"අපි එයාව උස්සනව!” අදිති කිව්වා.

Author භාග්‍ය පණ්ඩිතරත්න - Bhagya Panditharathna (2)
Publisher මියුසස් පොත් - Muses Books (128)
More Information
ISBN 9786245579518
පිටු ගණන 313
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඒක අමුතු කතාවක්
Back to Top