මෙමරි මෑන්
බර්ලිංටන් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක ඇමොස් ඩෙකර්, රාත්‍රියේ නිවෙසට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ තම බිරිඳගේ සොහොයුරාත්, බිරිඳත්, දස හැවිරිදි කුඩා දියණියත් නිවෙස තුළම කෲර ලෙස මරා දමා ඇති අන්දමයි.
පවුලේ ඝාතනයෙන් කම්පනයට පත්වන ඩෙකර් දිවි නසා ගැනීමට උත්සාහ කළත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැළකෙයි. එහෙත් එතැන් සිට ඩෙකර් වෙනස් පුද්ගලයකු බවට පත්වෙයි. රැකියාවෙන්ද ඉවත්ව ඉබාගාතේ යන ඔහු අවසානයේ පෞද්ගලික රහස් පරීක්ෂයකු බවට පත්වෙයි. එහෙත් තවමත් තම පවුලේ අය ඝාතනය කළ මිනීමරුවා අල්ලා ගැනීමට නොහැකිව ඔහු ලතවෙයි.
මේ අතර නගරයේ මෑන්ෆීල්ඩ් උසස් පාසලේ තවත් සමූහ ඝාතනයක් සිදුවෙයි. එහිදී සිසුන් හය දෙනෙකුත් ගුරුවරුන් දෙදෙනෙකුත් මරා දමන ඝාතකයා නිදහසේ පලා යාමට සමත් වෙයි.
අමෙරිකාව කැළඹූ මේ ඝාතනය ගැන සෙවීමට FBI මෙන්ම බර්ලිංටන් පොලිසිය ද මැදිහත් වෙයි. මෙහිදී පොලිස් ප්‍රධානියාගේ අවසරය මත විමර්ශන කටයුතු සඳහා ඩෙකර්ව ද සම්බන්ධ කර ගනී. ඩෙකර් යනු විශේෂිත අසනීපයකින් පෙලෙන්නෙකි. දක්ෂ පා පන්දු ක්‍රීඩකයකු වූ ඔහු පිටියේ දී සිදුවන ගැටීමකින් බරපතල ලෙස මොළයට සිදුවන හානියක් හේතුවෙන් මේ රෝගී තත්ත්වයට පත්වෙයි. රෝගියකු වුවත් එතැන් සිට ඔහුට තමා දකින සියලු දේ එලෙසින්ම මතක තබා ගැනීමටත්, අවශ්‍ය වූ විටෙක ඒ මතකය මනස තුළ ධාවනය කිරීමටත් හැකියාව ලැබේ.
මේ සුවිශේෂ හැකියාව සමග විමර්ශන අරඹන ඩෙකර් පියවරින් පියවර ඉදිරියට යද්දී තවත් ඝාතනයක් සිදු වෙයි. මේ ඝාතනවලදී මිනීමරුවා තබන සටහනකින් මේ සෑම ඝාතනයකටම හේතුව ඩෙකර් බව අනාවරණය වෙයි.
එතැන් සිට තම අසාමාන්‍යය මතකය මෙහෙයවන ඩෙකර් කිසිවකු අපේක්ෂා නොකළ ලෙස ඝාතකයා කොටු කර ගැනීමට සමත් වෙයි.
එහෙත් ඒ සැබෑ ඝාතකයාම ද?
ඝාතනවලට හේතුව කුමක්ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.