Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / Education - අධ්‍යාපනික / දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය

දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය

About this book

එම්. ජී. නාපේවිතාන මහතා කලක පටන් ලංකාවේ දුම්රිය සේවය හා එහි ඉතිහාසය පිළිබඳ උනන්දුවෙන් හැදෑරීම් කරන තරුණ විද්‍යාර්ථියෙකි. එකී ව්‍යායාමේ ප්‍රතිඵලය නම් ඔහු විසින් සම්පාදිත "දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය” නමැති කෘතියයි. 

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "මඩොල්දූව” කෘතියේ එන බාලප්පු කොළඹ සිට ඉන්දියාවට රේල්ලෑවෙන් යෑම සඳහා ටිකට් ගැනීම කුඩා අපගේ සිත් තුළ යම් ප්‍රශ්නයක් දැන වූ සිදුවීමකි. කල්යත්ම මන්නාරම් දුම්රිය මාර්ගය, තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය හා ඉන්දු ලංකා දුම්රිය සේවය පිළිබඳ අපගේ දැනුම පුළුල් වූයෙන් එකී ප්‍රශ්නය දුරුවිය. "දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය” නමැති කෘතියේ පරිච්ඡේද නවයක් පුරා නාපේවිතාන මහතා දිගහරින්නේ එකී කථාවේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ විග්‍රහයකි. 

මන්නාරම් දුම්රිය මාර්ගය ඉදිකිරීම සහ ඉන්දු ලංකා දුම්රිය සේවය ලංකා දුම්රිය සේවා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. එය ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජ ඉතිහාසයේ වෙනස්කම් රැසක් ඇති කිරීමට ද බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගත හැකිය. එබැවින් ප්‍රමාණවත් තරමින් ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය රැසක් ඇසුරු කරගනිමින් වටිනා ඡායාරූප හා ලිපිලේඛන සහිතව රචනා කර තිඛෙන මෙම කෘතිය නූතන ඉතිහාසය පිළිබඳව හදාරන විද්‍යාර්ථීන්ගේ ද, කාර්මික පුරාවිද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ගේ පමණක් නොව දුම්රියට ළබැඳියන්ගේ ද අවධානයට යොමුවිය යුතු කෘතියකි.

එම්. ජී. නාපේවිතාන මහතාගේ උසස් අධ්‍යාපන කටයුතු හා ඉදිරි ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් ශුභාශිංසන එක් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හසිත චාමිකර ගුණසිංහ,

ඉතිහාස අධ්‍යයන අංශය,

කැලණිය විශ්වවිද්‍යාලය.

Details
ISBN
9786249407107
පිටු ගණන (Pages)
186
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දෙරටක් යා කළ තලෙයිමන්නාරම් දුම්රිය

Reviews are published once a member of our team has read them.