Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තෙවන ඇස
About this book

ආචාර්ය ටී. ලොබ්සාං රම්පාගේ "තෙවන ඇස" ඉංග්‍රීසි කෘතිය මා මුල් වරට කියැවූයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි අවදියේදීය. එම පොත කියැවීමෙන් පසුව මා තුළ ඇති වූ කුතුහලය හේතු කොට ගෙන ලොබ්සාං රම්පාගේ වෙනත් පොත් මෙන් ම ටිබෙටයේ බුදු දහමත් ඒ හා ආශ්‍රිතව පැවැත්වෙන චාරිත්‍ර වාරිත්‍ර ආදියත් කෙරෙහි මගේ සිත යොමු වූයේ නිරායාසයෙනි. "තෙවන ඇස" ආචාර්ය රම්පාගේ පොත් පෙළක පළමුවැන්නයි. එහි කරුණු ඉදිරිපත් කෙරෙන්නේ ආත්ම කථනයක් පරිද්දෙන් වුව ද එමගින් ටිබෙටයේ බුදු සමය පිළිබඳවත් ලාමාවරුන් හා ඔවුන්ගේ අධිමානසික ශක්තීන් මෙන් ම භාවනා ආදී ආගමික චාරිත්‍ර වාරිත්‍ර ආදිය කෙරෙහිත් අවධානයෙන් කුතුහලය ජනිත කෙරෙන අපූර්ව මානසික ලෝකයකට පාඨකයා කැඳවා ගෙන යයි. එදිනෙදා ජීවිතයේ කටුක හා දුෂ්කරතා සමග නිරන්තර සටනක යෙදෙන පුද්ගලයෙකුට මානසික සැනසිල්ලක් මෙන් ම අනාගතය පිළිබඳ ආධ්‍යාත්මික විශ්වාසයක් ඇති කොට ගැනීමට ද මෙම කෘතිය වැදගත් වන බව මම අත්දැකීමෙන් දනිමි.

ජයසිරිමින් සුබසිංහ මහතාගේ "තෙවන ඇස" සිංහල පරිවර්තනය මා කියැවූයේ මුල් කෘතිය කියවූ කුතුහලයෙන් මෙන් ම මහත් අභිරුචියකින් ද යුතුව ය. එය පරිවර්තනයක් යැයි කිව නො හැකි තරම් ය. මුල් කෘතියේ කරුණු විකෘති නො කොට පරිවර්තනය කොට ඇති ආකාරය සිත් ගන්නා සුළු ය.

ජයසිරිමින් සුබසිංහ මහතා වෘත්තියෙන් ඉංජිනේරුවකු වන බැවින් එතුමන් අතින් මෙවැනි කෘතියක් සිංහලයට පරිවර්තනය වීම අගය කළ යුතු කරුණකි. එයට හේතුව භෞතික සැප සම්පත් හඹා යන මෙවන් යුගයක එක් විද්‍යාඥයෙකු ආධ්‍යාත්මික සුවය හා වටිනාකම් ගැන කියැවෙන පොතපත පරිවර්තනය කෙරෙහි යොමුවීම ය. භෞතික ජීවිතය සැපවත් කරගැනීමට අදාළ වන ආධ්‍යාත්මික තොරතුරු හා ඉගැන්වීම් සන්නිවේදනය කෙරෙන පොත්පත් රැසක් සුබසිංහ මහතා අතින් පරිවර්තනය ව ඇත්තේ ය. ඒ අතුරෙන් වඩාත් ම වැදගත් කෘතිය ලෙස මා සලකන්නේ තෙවන ඇස ය.

"තෙවන ඇස" පරිවර්තනයෙන් ජයසිරිමින් සුබසිංහ මහතා සිංහල පාඨකයන්ට අපූර්ව විෂය ක්ෂේත්‍රයක් හඳුන්වා දෙනවා පමණක් නොව ආධ්‍යාත්මික ගුණාවගාව මගින් අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවට පිළිතුරක් සපයා ගැනීමට පාඨකයාට ම මග පාදන්නේ ය. මෙවන් කෘතියක් සිංහලයට පරිවර්තනය කිරීමෙන් සුබසිංහ මහතා සිදුකොට ඇත්තේ පුණ්‍ය කර්මයකි. ඉදිරියේ එතුමන් අතින් තව තවත් පොත පත ලියැවීමට එම පින ම හේතු වාසනා වේවායි අපි පතමු.

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
කැලණිය විශ්ව විද්‍යාලය

ISBN
9789556615296
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තෙවන ඇස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.