තෙවැන්නා
විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ දශක හතරක් පමණ තිස්සේ දැන හඳුනන කෙනෙකි; සංගීතය, පද්‍යය, ගද්‍යය හා චම්පු ආදී සාහිත්‍ය ධාරා ප්‍රගුණ කළ සහෘදයෙකි. සිංහල, හින්දි, වංග හෙවත් බාග්ලා වැනි ප්‍රාවීන භාෂා ප්‍රගුණ කළ ඔහු ඉදානින්තනයෙහි කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයනාංශයේ සේවය කරන සැබෑ විද්වතෙකි; සුලවතෙකි. ශික්ෂණ ධාරා ගණනාවක කුශලතා විශද කරන ඔහු කමලේශ්වර් නමැති හින්දි සාහිත්‍යකරුවාගේ 'තීස්රා ආද්මී' නවකතාව 'තෙවැන්නා' නමින් සිංහල භාෂාවට පරිවර්තනය කරයි. වසර 2011දී 'සමුද්‍ර මේ ඛෝයා හුආ ආද්මී' ('සමුද්‍රයෙහි අතරමං වූ මිනිසා') හින්දි නවකතාව සිංහලට පරිවර්තනය කරමින් කමලේශ්වර් නම් ලේඛකයා සිංහල පාඨකයාට හඳුන්වා දුන් සුධීමතෙකු වන හෙතෙම මීට පෙරද හින්දි සාහිත්‍යයේ ප්‍රකට ලේඛක-ලේඛිකාවන්ගේ කෙටිකතා, නවකතා, නාට්‍ය ආදි සාහිත්‍යාංග රැසක් සිංහල පාඨකයාට ඉදිරිපත් කර ඇත. ඒ කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානවලින් පිදුම් ලබා ඇත. 'තෙවැන්නා' නවකතාවෙන් සිංහල පාඨකයන් උදෙසා ජීවිතාවබෝධය පිණිස වන ඉසියුම් අනුභූතියක් ඉදිරිපත් කෙරෙයි. මනුෂ්‍යයා මුහුණ පාන හුදෙකලාව, සංයෝගය, වියෝගය, ප්‍රේමයේ ආහ්ලාදය, නිහඬතාව ආදී ප්‍රපංච ගැඹුරින් සූචනය කෙරෙන මේ නවකතාව පාඨක හද පියුම විකසිත කරනු ඇතැයි උදක්ම විශ්වාස කරන්නෙමි. ඕජෝ ගුණය බහුල නිවැරදි භාෂා භාවිතයෙන් නවකතාවේ ආකෘතිය හා අන්තර්ගතය අඛණ්ඩ ගෙත්තමක් බවට පත් වෙයි. පරිවර්තන කාර්යය සඵල වී යැයි සුභාශීර්වාද පළ කරනුයේ ප්‍රීතියෙනි.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මානව විද්‍යා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.