තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ
About this book
තුන් සටනකින් මරු පැරදූ කමාන්ඩෝ විරුවෝ
නිලධාරී අණදෙන මේජර් අෂාඩ් සහ කපිතාන් නිලන්ත යාපා දක්ෂ පිහිනීමේ හැකියාවක් ඇති කමාන්ඩෝ නිලධාරීන් වුවත් ජල කඳෙහි ස්වභාවය සහ එහි ගැඹුර කොපමණද යන්න පිළිබඳව හරි හැටි නිර්ණය කිරීම සඳහා ඔවුනට කාලයක් හෝ අවස්ථාවක් ඉතිරීව නොතිබිණ. තව ද බැලූ බැල්මට ගඟ එගොඩ වීම සඳහා මීටර් තිහක පමණ දුරක් පීනා යාමට සිදු වෙන බවක් ද පෙනෙන්නට තිබුණි. මේජර් අෂාඩ් සහ කපිතාන් නිලන්ත යාපා සිය සහායකයන් දෙදෙනා ද සමඟ මෙලෙස ගත් ජීවිත අවදානම සුළුපටු එකක් නොවී ය. කෙසේ වුව ද කමාන්ඩෝ සෙබළුන් වශයෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළ මට්ටමක තිබිණ. ක්ෂණිකව වටපිට විපරම් කළ ඔවුහු සංග්‍රාමික නිලඇඳුම් සහ යුද මෙවලම් සමඟ ම කර වටක් වැසෙන සේ ජලයේ ගමන් කර පීනන්නට වූහ.
එසේ දැඩි අධිෂ්ඨානයකින් යුක්තව පිහිනීම ආරම්භ කර මීටර් කීපයක් ඉදිරීයට පීනනවාත් සමඟ ම ත්‍රස්තවාදීන්ගේ අනපේක්ෂිත දැඩි ප්‍රහාරයකට ඔවුන් ලක් වූයේ සියල්ලන් ම මවිතයට පත් කරවමිනි. මෙලෙස හතර වටෙන් එල්ල වූ සතුරු වෙඩි වරුසාවන් ජල කඳ මත පතිත වී ජල ධාරා කපා ගෙන යන සෙයක් දක්නට ලැබිණි. එහි දී ත්‍රස්තවාදීහු සුළු අවි ප්‍රහාරවල් මෙන් ම RPG ප්‍රහාර ද හතර වටින් එල්ල කළහ. මෙලෙස දැවැන්ත ප්‍රහාරයකට ගොදුරු වී සිටි නිලධාරී අණදෙන ඇතුළු කණ්ඩායම ඔවුන්ගේ උපරිම වැර යොදා පීනා ගොඩට පැන ගැනීමට උත්සාහ ගත් නමුත් එල්ල වූ බිහිසුණු ප්‍රහාර හමුවේ එය නිශ්ඵල ක්‍රියාවක් විය. අවසානයේ දී දෙවරක් ජලය තුළින් හිස එසවූ ඔවුහු එකවර ජලයේ ගිලී නොපෙනී ගියහ.
ISBN: 978-624-5771-20-2
9786245 771202
Details
ISBN
9786245771202
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review