1993.11.11 පූනරීන් ත්‍රස්ත ප්‍රහාරය
මේ වන විට ලුතිනන් තිලක් නිශ්ශංක ඇතුළු ඔහුගේ සෙබළුන් පිරිස සතුරාට එල්ල කරමින් තිබූ ප්‍රහාරය සම්පූර්ණයෙන් ම නතරකර තිබිණි. එනිසා සතුරා බංකරයෙන් බංකරයට ක්‍රමයෙන් පරීක්ෂා කිරීමේ කටයුතුවල නියැලෙමින් තම බංකර් පෙළ වෙතට ළඟා වෙන බවක් ලුතිනන් තිලක් නිශ්ශංකට තේරුම් ගියේය. ඒ අනුව තව දුරටත් ආරක්ෂක වළල්ලේ රැඳී සිටීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් බව අවබෝධ කරගත් ලුතිනන්වරයා, තම කණ්ඩායමේ ඉතිරිව සිටි සෙබළුන් කැඳවා තමා අත හැර දමා තුවාලකරුවන් ද රැගෙන පසුබසින ලෙසට උපදෙස් දුන්නේ ය. එහෙත් ඔහුගේ කණ්ඩායමේ සෙබළුන්ගෙන් ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් නොවී ය. එහි දී නැවතත් ලුතිනන් තිලක් නිශ්ශංක තම සෙබළුන් වෙත දැඩිව දන්වා සිටියේ, තම අණ හා උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසට ය. පසුව තම ඛණ්ඩභාර නිලධාරියාගේ අණට අවසානයේ දී අවනත වූ සෙබළු තුවාලකරුවන් ද රැගෙන ආරක්ෂිත ස්ථානයක් වෙත සීරුවෙන් පසුබැස්සෝ ය.
මේ අතරතුර දී කාටත් හොරා තම සහෝදර සෙබළුන්ගේ පසුබැසීම වෙනුවෙන් තම මරණය තෝරා ගෙන තිබූ ලුතිනන් තිලක් නිශ්ශංක, K - 400 වර්ගයේ අත් බෝම්බ දෙකක් දෑතෙහි රඳවා ගෙන සතුරා පැමිණෙන තෙක් බංකරය තුළ මාන බලමින් සිටියේ ය. ඒ වනවිට අවට ප්‍රදේශයේ පැවතියේ සැලකිය යුතු නිහඬතාවයකි. ලුතිනන්වරයා සිතූ පරිද්දෙන් ම වැඩි වේලාවක් ගත වන්නට පෙර ත්‍රස්ත කැල බංකරය තුළට ඇතුළු වුණි. සියල්ල තීරණය වන්නට ගත වූයේ නිමේෂයකි. ලුතිනන් තිලක් නිශ්ශංක ක්ෂණිකව සතුරු කැල වෙත කඩා පැන, තම දෑතෙහි එතෙක් වෙලා සඟවා ගෙන තිබූ අත් බෝම්බ දෙකෙහි ලීවරය මුදා හැරියේ ගජබා රෙජිමේන්තුවෙන් බිහිවුණු ලක් මවගේ තවත් එක් සුජාත පුත්‍රයකුගේ රණකාමිත්වය එදා පූනරීන් යුධ පිටියේ සනිටුහන් කරමිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.