Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තුර්කි ජනකතා

තුර්කි ජනකතා

About this book

තුර්කි ජනකතා සංග්‍රහයෙහි ගැටි වන්නේ Die Märchen der Weltliteratur යනුවෙන් ජගත් ජනකතා පොත්මාලාව යටතේ ජර්මන් බසින් 1925 දී පළ කරන ලද Turkische Märchen නමින් වූ ජනකතා එකතුවෙන් තෝරා ගන්නා ලද කතා කිහිපයක සිංහල පරිවර්තනයයි. මෙහි ගැටි වන කතා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.

අ) තුර්කි ප්‍රභවයකින් යුතු ව ඒ රටේ ම ප්‍රචලිත ව පැවති ජනකතා සහ (ආ) භාරතීය මූලයකින් යුක්ත, පසු ව තුර්කියට සංක්‍රමණය වූ ජනකතා යනුවෙනි. මෙම කතන්දර බොහොමයක් මධ්‍යකාලීන සුල්තාන්වරුන්ගේ පාලන සමයෙහි එරට පැවති ඇතැම් සමාජීය, ආගමික හා සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු කරන කැඩපතක් වැන්න.

කවරයේ රූපය: මධ්‍යකාලීන යුගයේ සුල්තාන්වරුන්ගේ මාළිගයන්හි සහ ධනපතිවරුන්ගේ මැඳුරුවල පැවති අන්තඃපුරයක දර්ශනයකි. මෙම චිත්‍රයෙහි වම් පස නාටිකාංගනාවෝ ද, පහත කොටසෙහි අමුත්තන් පිළිගනිමින් සිටින මන්දිරයේ ස්වාමිදුව ද දැක්වේ. තුඩුවක සිටින ගිරවා සහ දකුණු පසින් දැක්වෙන චිම්පන්සියා ද එකල අන්තඃපුරයක සාමාන්‍ය දර්ශනයක් විය.
Franz Hermann, Hans Germinger සහ Valentin Müller යන චිත්‍රශිල්පීන්ගේ 'A Scene from Turkish Harem' චිත්‍රයෙනි.

පසු කවරයේ ඉහළ චිත්‍රය: සුන්නත් මංගල්‍යයේ අවසන් දිනයෙහි තෙවන අහමඩ් සුල්තාන්වරයා තම මාළිගයේ නිලදරුවන්ගේ සේවය අගය කරමින් තෑගි වශයෙන් ඔවුනට අහුරු ගණිම පිනිස රන්කාසි අපූරු විසි කරන අයුරුද, වම්පසින් දැක්වෙන්නේ සුන්නත් මඟුල සිදු කරන මණ්ඩපයයි.
ටොප්කපි මාළිගා කොතුකාගාරයේ 'Surname-i Vehbi' නම් චිත්‍රයෙනි.

පසු කවරයේ පහළ චිත්‍රය: අන්තඃපුර කාන්තාවෝ සාමාන්‍යයෙන් බාහිර සෙසු ලෝකයෙන් වෙන් වී මාළිග හෝ මහා මන්දිර තුළ කොටු වී සිටිය ද, ඇතැම් සුල්තාන්වරුන්කුගේ මාළිගයන්හි, ඔවුනට තරමක් නිදහස් ජීවිතයකට ඉඩ සැලසී තිබුණි. මෙම චිත්‍රයෙහි දැක්වෙන්නේ තම නිවන් අසුනෙහි දකුණු කෙළවර සුවපහසු ලෙස වාඩි වී හිඳිමින් අන්තඃපුර කාන්තාවන් සමඟ අල්ලාපයෙහි යෙදෙන සුල්තාන්වරයෙකි. සේවිකාවක් ආහාරපාන පිළියෙල කරමින් සිටින අතරවාරයේ තවත් කාන්තාවන් දෙදෙනෙක් සුල්තාන්වරයා පිනවීමට රංගනයක යෙදී සිටිති.
Jean-Baptiste Van Mour ගේ 'Dancers in Harem' චිත්‍රයෙනි.

කවරයේ චිත්‍ර සපයා දීමෙන් අනුග්‍රහය දැක්වූ ශ්‍රී ලංකාවේ ගරු තුර්කි කොන්සල් ජෙනරාල් භාරතී විජේරත්න මහත්මියට අපගේ කෘතඥතාව පිරිනමමු.

ISBN
955-20-7925-x
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තුර්කි ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.