ටිබෙටයේ නැගීම
පෙර ප්‍රවේණිදාසයින්ව සිටි ජනයා අද රටෙහි දේශපාලන බලය හිමි පාලකයන් බවට පත්ව ඇත. නිමට්ෂුජෙන් කොමියුනයේ පක්ෂ ලේකම් හා කොමියුනයේ විප්ලවීය කොමිටියේ සභාපති ලෙස දැනට කටයුතු කරන අතර, අට දෙනකුගෙන් යුත් තම පවුලද ජීවත් කරවූ ඔහුගේ නිවස පැරණි සමාජය විසින් විනාශ කරන ලදී. දේශපාලන බලය තමන් අත නොමැතිවීම නිසා පැරණි සමාජයේදී දුප්පතුන් විඳින ලද දුක් කරදර ගැන මනා අවබෝධයක් සහ අත්දැකීම ලබා ඇති නිසා නව සමාජයේ මෙහෙයවීම සඳහා දේශපාලන බලය වැදගත් අවශ්‍යතාවක් බව ඔහු හට තහවුරු විය. වසර කිහිපයක් තිස්සේ මහජන කොමියුන් සාමාජිකයින් සමාජවාදී මාවතේ නිර්ධන පන්ති ආඥාදායකත්වය යටතේ ගමන් කරවීම සඳහා වෙහෙස වී ඔහු විසින් මහත් කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. මෙම කොමියුනයේ විප්ලවීය කමිටු සාමාජිකයින්, නිෂ්පාදන කණ්ඩායමේ ප්‍රධානීන්, පොත් තබන්නන් සහ වැඩ කොට්ඨාශ වාර්තාකරුවන් ආදී සියලූම දෙනා මුදාගත් ප්‍රවේණි දාසයෝ වූහ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.