Ticket කවි
සිදත් ලක්ෂිතගේ Ticketකවි, සමාජය දෙසට කරුණා ඇසත් ප්‍රඥා ඇසත් එකවර දල්වා ගනිමින් ලියන ලද ඒවා ය. Ticketකවි කෙටි ය. ඉන් බොහොමයක් අනාකෘතික ය. කිහිපයක් කවි නිර්මාණ තුළින් සිදත්ටම ආවේණික ආකෘතියක් අත්හදා බැලීමට ඔහු උත්සාහ කරන්නේය. ඇතැම් කවි තවම තරුණය, මදක් අපරිණත ය. සංයමය බිඳ දමා අමුවෙන්ම ලියූ - කියූ කවි ද ඒ අතර තිබේ. බොහෝ නූතන තරුණ කවියන්ගේ මෙන් සිදත්ගේ කවි තුළට ද ආදරය සහ විරහව ලඝු වී ඇතත් ඒවාට ඉන් එහා ව්‍යාතිරේඛ තිබේ. එනිසා බොහෝ කවිවල ධ්වනිය ප්‍රබල ය. ඒ ධ්වනිය විටෙක අප තුළ සහකම්පනයත් විටෙක චමත්කාරයත් ජනිත කරවීමට සමත් ය. කවිය වැඩබිමකි. එය හැදෑරීම් සහ අත්හදා බැලීම්වලින් පිරුණු වැඩබිමකි. එබිමෙහි වෙහෙසෙන්නට සිදත් සූදානම් බව මේ කවි රස විඳින අපට දැනේ. කවියාගේ අවකාශය අහස තරම් ය. 'Ticketකවි' තුළින්, සිදත් සමඟ අපි ඒ අහසේ සැරිසරමු.
තරිඳු ධනංජය වීරසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කැලණිය විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.