Until You're Mine
හදිසියේම ක්ලෝඩියා ගැන මගේ හදවතට වේදනාවක් දැනෙන අතර, මා කරන්නට යන දේ ගැන ඇයට අනතුරු ඇඟවීමට මට අමුතුම ආශාවක් ඇති වේ.
මම මොහොතකට විරාමයක් ගනිමි. නමුත් එය සිංහ ගුහාවක රැඳී සිටින්නාක් වැනි හැඟීමක් දනවයි. ක්ලෝඩියා රැකියාවෙන් ආපසු නිවසට පැමිණිය හැකිය. සමහරවිට දරු ප්‍රසූතියේ මූලික අදියරේ සිටින ඇය, රෝහලට රැගෙන යා යුතු බෑගය ගැනීමට පැමිණෙනවා විය හැකිය. සමහරවිට ජේම්ස්ගේ මෙහෙයුම අවලංගු වී හෝ වෙනත් වේලාවකට කල් දමා ඇතිවා විය හැකිය. එසේත් නැතිනම් දරුවා ලැබෙන අවස්ථාවේදී ක්ලෝඩියාව තනි කර යාම ගැන ඔහුගේ අදහස වෙනස් වී තිබිය හැකිය. ඔහු පසුතැවිල්ලෙන් යුතුව නාවික හමුදාවෙන් ඉවත් වී දැනටමත් නිවසට පැමිණ සිටියහොත් කුමක් වේවිද? සමහරවිට ඔහු නිහඬව පඩිපෙළේ පියගැට දෙක බැගින් නගිනවා විය හැකිය. මා හැරී බැලුවහොත්, එනම් මගේ හිස පමණක් මඳක් හරවා බැලුවහොත්, දොරකඩ සිට මා දෙස බලා සිටින ඔහුගේ අඳුරු සෙවණැල්ල මට දැකගත හැකි වනු ඇත. ඔහු පඩිපෙළ අසල මේසය මත ඇති මල් බඳුන අතට ගෙන, එය මගේ හිස මතට පහත් කිරීමට ඉහළට ඔසවන අයුරු මට පෙනෙනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.