උතුම් තාරුණ්‍යයක් උදෙසා
මහින්ද අධිකාරී මහතා ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ සේවය කල අධිකාරී ලත් නිලධාරියෙකි. සිය කෙටි හමුදා සේවයෙන් අනතුරුව පුද්ගලික ව්‍යාපාර ආයතන පරිපාලන ක්ෂේත්‍රයට පිවිසි ඔහු, විවිධ කර්මාන්තයන්ට අයත් ආයතන රැසක මධ්‍යම සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු හොබවමින් වර්තමානයේ කැපී පෙනෙන සේවයක් ඉටු කරමින් සිටී. ඔහු ශ්‍රී ලාංකීය තරුණ පරපුර තුල කළමනාකරණය, නායකත්වය සහ පෞරුෂ වර්ධනය කිරීම කෙරෙහි දැඩි ඇල්මක් දක්වන, අන්‍යයන් සවිබල ගන්වන පෞරුෂයකින් හෙබි අයෙකි. එසේම ඔහු ක්‍රියාකාරී සම්පත්දායකයෙකු, උපදේශකයෙකු මෙන්ම කුසලතාවලින් පිරිපුන් පුහුණුකරුවෙකුද වේ. පුද්ගල උන්නතිය වෙනුවෙන් ඔහු දක්වන කැපවීම ප්‍රශංසනීයයි. ඔහු කිසිදු පැකිලීමකින් තොරව සිය දැනුම, අත්දැකීම් සහ ප්‍රවීණත්වය අන් අය සමග බෙදාහදා ගනිමින් සිය වෘත්තීය ජීවිතය ඉදිරියට රැගෙන යයි. “උතුම් තාරුණ්‍යයක් උදෙසා” (Towards Magnificent Youth) නමින් එළිදැක්වෙන මෙම සර්වකාලීන අත්පොත තුලින් ඔහුගේ එම අවංක චේතනාව මූර්තිමත් කෙරෙන බව මම උදක්ම විශ්වාස කරමි.
කතුවරයා විසින් පොදු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ, විශේෂයෙන්ම රටේ තරුණ කාන්තා පරපුරේ අභිවෘද්ධිය, අවබෝධය ඉහළ නැංවීම සඳහා පෙළඹවීමක් ඇති කරන සහ ප්‍රබෝධමත් කරන, ප්‍රායෝගික ජීවිතයට උචිත මාතෘකා සියයක් මෙම පොතට ඇතුලත් කිරීමට කාලෝචිත උත්සාහයක නිරත වී ඇත. පොදු මහජනතාවට මෙහි හරය ලබාදීමේ අරමුණින් මෙම පොත සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් කිරීමට ඔහු ගත් වෙහෙසද මෙහිදී විශේෂයෙන් අගය කල යුතුව ඇත. දෙමාපියන් විසින් තම දරුවන් අවම වශයෙන් උසස් පෙළ කරන අවදියේදීවත් මෙම පොත පරිශීලනය කිරීමට උනන්දු කරවන්නේන්නම් මෙම ග්‍රන්ථයෙහි වටිනාකම තවත් ඉහල යනු ඇත. තමා කාර්යක්ෂමව කළමනාකරණය කරගැනීමටත්, තම සමාජයීය කුසලතා වර්ධනය කර ගැනීමටත් එමෙන්ම වඩාත්ම වැදගත් කරුණ ලෙස, ප්‍රීතිමත්, අර්ථවත්, සමබර, පවුල් සහ රැකියා ජීවිතයක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකු අනිවාර්යයෙන්ම කියවිය යුතු අත්පොතක් ලෙස මම මෙය නිර්දේශ කරමි. ඔහුගේ ඉදිරි ගමනට මම ඉත සිතින් සුබ පතමි.
නිර්මලී වික්‍රමසිංහ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.