ඌව රංග කලා සම්ප්‍රදාය
ශ්‍රී ලාංකේය නර්තන ක්‍ෂේත්‍රය පිළිබඳව නූතනයේ සිදුවන අධ්‍යයනයන් බෙහෙවින් සීමාවනුයේ දේශීය නර්තන සම්ප්‍රදාය ත්‍රයට අයත් වන ඒ ඒ ශාන්තිකර්මයන් සිදුකැරෙන ආකාරය මුල සිට අගට විස්තර කිරීම්වලටය. පර්යේෂණ මට්ටමේ අධ්‍යයන ඉතා විරලය. ඒ අතින් බලන කල, රමිත් චන්ද්‍රසේකරගේ ඌව රංග කලා සම්ප්‍රදාය' නමැති මෙම අධ්‍යයනය දැඩි නියං සමයකට පසුව ඇද-හැලෙන වැසි දහරක් සේ සිතට සුව දනවනසුලුය. එසේම මෙය දැනට මුල් බැසගෙන ඇති දේශීය නර්තන සම්ප්‍රදායේ සංකල්පයට ප්‍රබල අභියෝගයක්ද විය හැකිය. බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම ඌවේ නර්තන සම්ප්‍රදාය සබරගමු සම්ප්‍රදායේ දිගුවක් බව වුවද, රමිත් එය මෙහි අභියෝගයට ලක් කොට ඇත. ක්‍රි. පූ. යුගයේ පටන්, ඌව යුවරාජයකුගේ පාලනය යටතේ පැවැති, කලා-ශිල්පාදි සංස්කෘතික අංගයන්ගෙන් පොහොසත් වූ ප්‍රදේශයක් වූ බවට පුරාවිද්‍යාත්මක තොරතුරු සාක්‍ෂි සපයන බව හේ පෙන්වා දෙයි. විශේෂයෙන් රජගල පුරාවිද්‍යාත්මක පරිශ්‍රයෙන් හමු වී ඇති සෙල්ලිපිවලින් රංගන ශිල්පීන් හා නාට්‍යාධ්‍යක්‍ෂවරුන්, නාට්‍යශාලා හා නාට්‍ය නරඹන්නට ප්‍රවේශපත්‍ර නිකුත් කළ නිලධරයන්ද ඌවේ සිටි බව පැහැදිලිව කියැවේ. එහෙයින් ඌවේ රංග සම්ප්‍රදාය හුදු ශාන්තිකර්ම අබිබවා නාට්‍ය කලාවක් බවට වර්ධනය වී තිබුණු බව රමිත්ගේ අදහසයි. පරසතුරු උපද්‍රව හේතු කොටගෙන රාජ්‍ය අනුග්‍රහය නොලැබී යාම නිසා එම සංස්කෘතිය පරිහාණියට පත්වූ බව විශ්වාස කැරේ. මේ නිසා, මෑතකාලීනව ප්‍රභවය වූ සබරගමු සම්ප්‍රදාය ඌව සම්ප්‍රදායේ දිගුවක් මිස එහි ආදිකාරක නොවන බව පැහැදිලිය.
මෙවන් විචාරාත්මක කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් කරමින් ඔහු ඉදිරිපත් කරන අනුරපුර හා පොළොන්නරු යුගවල ඉතිහාසය වෙසෙසින් කියවා - බලනු වටී. කිව යුතු දේ නිර්භයවත්, හේතු - සාධක සහිතවත් ඉදිරිපත් කිරීම ගැන මෙම යොවුන් විද්‍යාර්ථියාට අපගේ උපහාරය!
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.