විල්තෙර අහිමිව
සන්ධ්‍යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත්‍රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග්‍රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද නැවතුණු කල, කම්හල් වසා දැමූ කල පරිසරය නිහඬ බවේ තෝතැන්නකි. මේ සියල්ලම ඈ වෙත පවසන්නේ පිටත්වීමේ හෝරාව එළඹ ඇති බව නොවෙත්ද?
තවත් දිනයකට අරුණළු හරිත පැහැ තුරු අතරින් මිහිකත සිප ගනිමින් සිටියදී පෙරින් නින්දෙන් පිබිදුනාය. ගෙවී යමින් තිබුණේ සරත් සමයේ අග භාගය වුවද තවමත් තුරු මත පත්‍ර රැඳී තිබුණේය. ඒ විවිධ වර්ණයන්ගෙන් වර්ණවත්ව අවට පරිසරය ඒකාලෝක කරමිනි. සීත සෘතුව පැමිණීමත් සමඟ සිය මව් ශාකයෙන් වෙන්ව යාමට සිදුවන බව දැනුණු නිසාදෝ ඒවා දැඩි ලෙස අතුපතර බදා සිටින්නාක් මෙන් පෙනෙන්නට විය. පහළ මිටියාවත හරහා හමා එන සීතල ගුලිකර ගත් සුළං ධාරාවෝ වෙනදාට වඩා තදින් දැණුනහ. ඈ විසිත්ත කාමරය සරසා තිබූ බිත්ති සැරසිලි දෙස දෙනෙත් යොමු කළේ කළ යුත්තේ කුමක්ද යන්න ඇයට සිතාගත නොවූ හෙයිනි. කුඩා දැරියකගේ තෙල් සායම් චිත්‍ර, විවිධාකාර හැඩගත් ගැල්වල අනුරූ, අපූරු භූමි දර්ශන හා එළු පැටවුන් සමඟ සිටින ළදැරියකගේ පින්තූර ඇයගේ දුක්ඛිත වූ හා ඇතැම් විට සොඳුරු වූ ළමා කාලය ඇයට යළි යළිත් සිහිපත් කළාය. එළු පැටවුන් සමග සිටින කුඩා ළදැරියකගේ තෙල් සායම් චිත්‍රය නිරායාසයෙන්ම ඈ සිත පැහැර ගත්තේ ඇගේ ළමා මතකයන් තවදුරටත් අලුත් කරමිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.