Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පර්යේෂණ / වෛද්‍ය සමාජ විද්‍යාව සහ වෛද්‍ය මානව විද්‍යාව II

වෛද්‍ය සමාජ විද්‍යාව සහ වෛද්‍ය මානව විද්‍යාව II

About this book

(ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන වෛද්‍ය ක්‍රම පිළිබඳ ව්මසීමක්)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ජයන්ත ජයසිරි, කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය මහේෂ් ප්‍රේමරත්න සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ පර්යේෂණ සහකාර, ආචාර්ය අමිල නුවන් ශ්‍රී ශාන් යන විද්වතුන් විසින් රචනා කොට ඇති වෛද්‍ය සමාජ විද්‍යාව හා වෛද්‍ය මානව විද්‍යාව II ග්‍රන්ථය ශාස්ත්‍රීය පර්යේෂණාත්මක ව්‍යායාමයක අනගි ප්‍රතිඵලයකි. මහාචාර්ය ජයන්ත ජයසිරි මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා, මානව විද්‍යා යන අධ්‍යයනාංශවල, කැලණිය සහ සෞදර්ය කලා විශ්ව විද්‍යාලයේත් සහ හෙද විද්‍යාලයේත් වෛද්‍ය සමාජ විද්‍යාව හා වෛද්‍ය මානව විද්‍යාව යන විෂයයන් දිගු කලක සිට උගන්වනු ලබන සුධීමතෙකි. ඉන්දියාවේ පූනා විශ්වවිද්‍යාලයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණාත්මක නිබන්ධය සඳහා හෙතෙම දර්ශනසූරී උපාධිය හිමිකර ගත්තේය. ඒ මහතා සමඟ මෙම ග්‍රන්ථයේ අනෙක් කතුවරුන් වන ආචාර්ය මහේෂ් ප්‍රේමරත්න සහ ආචාර්ය අමිල නුවන් ශ්‍රීශාන් යන අය ජයන්ත ජයසිරි මහාචාර්යතුමාගේ ශිෂ්‍යයන් දෙදෙනෙකි. ඔබ විසින් මෙම කෘතිය කියවනු ලබන්නේ නම් දැනුම හා අවබෝධය වශයෙන් බොහෝ කරුණු ඔබගේ ජීවිතයට උකහාගත හැකිය. විද්‍යාර්ථීන්ට මෙන්ම පොදුවේ පාඨක සැමටත් මේ පොත ප්‍රයෝජනවත් වනු ඇතැයි තරයේ විශ්වාස කරමි. අවසාන වශයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම වෙනුවෙන් මාගේ ආදර ශුභාශිර්වාදය කතුවරුන් වෙත පිරිනැමීමට කැමැත්තෙමි.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - මානව විද්‍යා අධ්‍යයනාංශය

ISBN
9786242042114
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෛද්‍ය සමාජ විද්‍යාව සහ වෛද්‍ය මානව විද්‍යාව II

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.