Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වල් බළල්පායේ අකරතැබ්බය

වල් බළල්පායේ අකරතැබ්බය

About this book

ප්‍රසිද්ධ ජපන් ලේඛකයකු වන මියසවා කෙන්ජිගේ “ඇණවුම් අධික ආපන ශාලාව” නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. කතාව ජපන් බසින් සිංහල භාෂාවට පරිවර්තනය කළේ ඔකිනවා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය දිලීප් වනද්‍රලාල් මහතාය. ඔහු මෙම පරිවර්තන කාර්යයට පිවිසුණේ භාෂාව, සන්නිවේදනය හා සමාජ සංවාද පිළිබඳව විශ්ව විද්‍යාලයේ පවත්වන දේශන - සම්මන්ත්‍රණවලදී අතිරේක පාඨ ග්‍රන්ථයක් ලෙස මේ කෘතිය භාවිතා කිරීමෙන් ලද පන්නරය තුළින්ය.

පුරා 40 වසරක් ජපානයේ අධ්‍යාපන, සංස්කෘතික හා පර්යේෂණ කටයුතුවල නිරතව සිටින මහාචාර්ය දිලීප් චනද්‍රලාල් මහතා, කාලයේ හා දේශයේ සීමා ඉක්මවා යමින් මානව සාරධර්ම දෙස මොහොතක් හැරී බලන්නට කරන ආරාධනයක් ලෙස මේ කෘතිය හඳුන්වා දෙයි.

පොතේ හැඳින්වීමෙන් පෙන්වා දෙන පරිදි විචාරාත්මක චින්තනය පුබුදු කරන පාඨ ග්‍රන්ථයක් ලෙස ද මේ කෘතිය යොදා ගත හැකිය.

ISBN
9789553130839
පිටු ගණන (Pages)
49
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වල් බළල්පායේ අකරතැබ්බය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.