වාමාංශික ජනප්‍රියවාදයක් සඳහා
About this book
පසුගිය කාලේ ලෝක දේශපාලනය තුළ ජාතිවාදය හා වාර්ගික ස්වෝත්තමවාදය මත පදනම් වූ දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ලක් බලගතු ලෙස නැගී ආවේය. මෙම ප්‍රවාහයට අභීයෝග කළ හැක්කේ “ප්‍රභූ තන්ත්‍රයට’ එරෙහිව ‘ජනතාව’ ලෙස දේශපාලන බෙදුම් ඉරක් ජනප්‍රියවාදී ලෙස ස්ථාපිත කරමින්, එම අක්ෂය ඔස්සේ බහුවිධ බලවේග ඒකරාශී කළ හැකි ‘වාමාංශීක’ ජනප්‍රියවාදී ව්‍යාපෘතියකට බව ශන්තාල් මුෆ් තර්ක කරයි.
දශක ගණනාවක නව ලිබරල් ආධිපත්‍යය නිසා නොසලකා හැරීමට ලක්වූ ජනකොටස්වල අතෘප්තීන් ජාතිවාදී ලෙසකින් සංවිධානය කිරීම තුළින් දක්ෂීණාංශීක ජනප්‍රියවාදය සාර්ථකත්වය ලබා තිබේ. එම අභීයෝගයට මුහුණ දීමට නව ලිබරල්වාදය සමඟ අනන්‍ය වී සිටින ‘ලිබරල්’ මැද මාවතට නොහැකිය. වාමාංශීක ජනප්‍රිියවාදය යනු වාර්ගික ස්වෝත්තමවාදයට සහ ප්‍රභූවාදී නව ලිබරල්වාදයට එරෙහි, එසේම ගතාවුගතික වාමාංශයේ පන්ති ඌනිතිවාදී ප්‍රවේශයට ද වෙනස් විකල්ප දේශපාලනයක් යෝජනා කරන උපාය මාර්ගයකි.
Details
ISBN
9786245546107
පිටු ගණන (Pages)
154
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review