Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / වනසිරි සැරි වත

වනසිරි සැරි වත

About this book

තිස්වසකට එපිට මතකය ඇහැරවමින්, ගතට සිහිලක්, නෙතට උළෙලක්, මෙන්ම සිතට නිවනක් විඳගනු රිසින්, එදා දිවි සැරියෙන් වැඩි හරියක් වන සැරියටම පෙම්බැඳි ප්‍රේමවන්තයකු සිය ලිවි සැරියෙන් මතු කැරුණු ප්‍රේමාවර්ජන අන්දරයක් මා නෙත ගැටිණ.

එය වන සිරි සැරි වත නම් වී. 

මෙම පෙම් පවස අකුරට ගෙත්තම් කළෝ, දිබ්බැද්ද දෑවැද්ද කරගත් කැමිලස් වනිගසූරිය සුරුවාණෝයි. 

මොහු ලන්දේ ආනන්දෙට පෙම් බැන්දේ අද ඊයේ නොවේ. මීට විසිදෙවසරකට පෙරාතුව (1999) නදීතෙර කුංච නාදයට අත්පොත් තබමින් තුරුලිය කොමලිය කරගත් කැමිලස්, එතැන් සිට, වන ප්‍රජාවගේ අසීමිත දැනුම් සම්භාරයෙන් පරිණත මිහිබට විශ්වවිද්‍යාලයක් බඳු වන පියස ගැඹුරින්ම ගවේෂණයන්ට බඳුන් කැරෙමින් සිය දනුම කෝෂ්ඨාගාරය පුළුල් කර ගත්තේය. 

එමඟින් නෙලාගත් අස්වනු ඔහු ගබඩා කළේ ශාස්ත්‍රීය පර්යේෂණයන්ගෙන් මුවහත් කළ පුස්තිකාවන් හතක් තුළයි. ඒ අනගි පුස්තකයන් ඔහු විසින් සමාජ ගත කළේ මෙම විෂය ක්‍ෂේත්‍රයේ ඉඩෝරය නිසා පිපාසිත වූ විද්‍යාර්ථීන්ගේ තිබහ සංසිඳුවන පරමාභිලාෂයෙනි. එසේ කැමිලස් සමාජගත කළ එම ග්‍රන්ථ සියල්ලෙහි අග්‍රඵලය එකලස් කර, ලියු ඔහුගේ නව්‍යතම පර්යේෂණාත්මක ශාස්ත්‍රීය පුස්තිකාව වනුයේ මෙම වනසිරි සැරි වත නම් වු අපූරුතම ග්‍රන්ථයයි. 

මේ නැවුම් පුස්තකය, හුදෙක්ම වන පෙතේ අසිරිය කියාපාන සංලාපයක් පමණක්ම නොව පරිසරය සැබෑ ලෙස සුරකිමින් මතු පරපුරට පිදිය යුතු පූජනීය සම්පතක් සේ අවධාරණය කළ යුතු කාලීන බණවරක් ලෙසිනි සපථ කළ හැක්කේ.

මෙවන් අනගි කෘතීන් කැමිලස් වනිගසූරිය වියතාණන් යළි යළි දොරට කැන්දන් එනතෙක් පාඨක අපි නෙත් අයා බලා සිටින්නෙමු.

ඔහුට මගේ ප්‍රණාමය!

කේ. බී. මානෑව

Details
ISBN
9789556566086
පිටු ගණන (Pages)
164
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: වනසිරි සැරි වත

Reviews are published once a member of our team has read them.