Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වංචා වැළැක්වීමේ නීතිය

වංචා වැළැක්වීමේ නීතිය

About this book

පිළිකාවක් මෙන් සමාජගත වී ඇති වංචා වැළැක්වීමට මෙරට අපරාධ නීතියේ සහ සිවිල් නීතියේ ඇති ප්‍රතිපාදන සියල්ල අන්තර්ගත මෙම ග්‍රන්ථය, පරිච්ඡේද 10 කින් යුක්තය. වංචා වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 398 වගන්තියේ සිට 407 වගන්තිය දක්වා වන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හා ඊට අදාළ විනිශ්චිත නඩු තීරණ ඇසුරින් කෙරෙන විවරණයක් පළමුව අන්තර්ගත වේ. එසේම කූට ලේඛන/සැක කටයුතු ලේඛන හා සබැඳි වංචා ගැන විග්‍රහ වන දණ්ඩ නීති සංග්‍රහයේ 452 සිට 478 ඈ වගන්තිය දක්වා ප්‍රතිපාදනද ඊට අදාළ නඩු තීන්දු ද මෙහි ඇතුළත් කර තිබේ.

සිවිල් නීති දෘෂ්ටි කෝණයෙන් 1840 අංක 7 දරණ වංචා වැළැක්වීමේ ආඥා පනතේ 1 සිට 19 දක්වා සියලු වගන්තිද ඊට අදාළ නඩු තීන්දුද, පරිගණක අන්තර් ජාලය හා සබැඳි වංචාද, ඒවා වැළැක්වීමට මෙරට නීතියේ ඇති ප්‍රතිපාදනද, ඉලෙක්ට්‍රොනික - ගනුදෙනු චෙක්පත් හා සබැඳි වංචා පිළිබඳවත් විග්‍රහ කෙරෙන මෙම ග්‍රන්ථයේ නඩු තීන්දු 147 කින් සමන්විත ඉංග්‍රීසි බසින් වන උප ග්‍රන්ථයක්ද ඇතුළත්ය. මේ නිසා මෙය සිවිල් හා අපරාධ නීති ක්ෂේත්‍ර දෙකෙහි නිරත නීතිවේදින් - නීති සිසුන්ට මෙන්ම, නීතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද පහසුවෙන් වටහා ගත හැකි අයුරින් රචිතය.

වංචා වැළැක්වීමේ නිතිය ග්‍රන්ථයේ කර්තෘ වන නීතිඥ කපිල ගාමිණි ජයසිංහ සියලුම සිවිල් අධිකරණවල සිවිල් නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකි. JMC (ජයසේකර කළමණාකරන මධ්‍යස්ථානයේ) උපාධි අපේක්ෂකයින්ට බැංකු නීතිය, ව්‍යාපාර නීතිය පිළිබඳ දේශන පවත්වන කථිකාචාර්යවරයෙකි. ලක්බිම ඉරිදා සංග්‍රහයට නීති ලිපි සපයන රචකයෙකි. වර්ෂ 1996 දී කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය දිනාගත් ඔහු, මතුගම ආනන්ද ශාස්ත්‍රාලයයේ ආදි ශිෂ්‍යයෙකි. මානව හිමිකම් ආයතනය (IHR) මෙහෙය වූ ජාත්‍යන්තර මානව හිමිකම් නීති පිළිබඳ ඩිප්ලොමා පාඨමාලාවේ ඩිප්ලෝමාධාරියකු වන හෙතෙම, එදිනෙදා ජීවිතයට නීතිය, සිවිල් නීතියේ නව ප්‍රවණතා, නීතියේ ප්‍රභව හා ආයතන, ව්‍යාපාර ලොකයේ නීතිය, ඇපදීමේ නීතිය, සමාගම් නීතියේ නව ප්‍රවණතා, සිවිල් සමාජ දේපළ නීති ප්‍රතිකර්ම, පරිගණක හා අන්තර්ජාල නීතිය, කල් ඉකුත්වීමේ නීතිය (කාලාවරෝධය), එදිනෙදා ජීවිතයට නිතිය 4 නඩු නිමිති හා අධිකරණ බලය, වංචා වැළැක්වීමේ නීතිය, විවාහ නඩුකර, මාර්ග අයිතිය, බැංකුව ගනුදෙනුකරුවා සහ නීතිය, විනිශ්චිත කරුණ පිළිබඳ නීතිය, අනුමිත භාර නීතිය, බුදල් නඩු තින්දු, අධිකරණයට අපහාස කිරිම පිළිබඳ නිතිය රථ වාහන නඩු, ඔප්පුවලට බලපාන නිති, දරුවන්ගේ භාරකාරත්වය හා කුලවද්දා ගැනිම, අයිතිය ප්‍රකාශ කිරිමේ නඩුකර හරස් ප්‍රශ්න ඇසිමේ කලාව වැනි යන නීති ග්‍රන්ථ 24 ක් මීට පෙර සිංහලෙන් ලියා පළ කර ඇත.

Details
ISBN
9789553101358
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වංචා වැළැක්වීමේ නීතිය

Reviews are published once a member of our team has read them.