My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
ජීවිත වික්‍රමයන් සහ වික්‍රමාන්විත ජීවිත ද ඇත. සුප්‍රසිද්ධ සෝවියට් ගත්කරු නිකොලයි අලෙක්සේයෙවිච් ඔස්ත්‍රොව්ස්කිගේ (1904-1936) ජීවිතය ද එබඳුම වික්‍රමයකි. මේ නවකතාවේ කතුවරයා ද ඔහු ය. ඔහු ජීවත් වූයේ කෙටි කාලයකි. අවුරුදු දෙතිසක් පමණකි. දොළොස් අවුරුද්දක් ඔහු ගත කළේ බරපතළ රෝගියෙකු මෙනි. ඉන් අවසාන අට අවුරුද්ද ඔහු අන්ධයෙකු සේ ගත කළේය. එහෙත්, ඔහු තබා ගිය පා සටහන් ගැඹුරුය.
'වානේ පන්නරය ලැබූ හැටි' නමැති ඔහුගේ නවකතාව සැබැවින්ම පරම්පරා කීපයකම අත්පොත බවට පත් විය. පිටපත් කෝටි ගණනකින් මුද්‍රණය වූ මේ නවකතාව ලෝක ප්‍රසිද්ධය.
''නිර්භයත්වය සටන් තුළින් උපත ලබයි. එය පරීක්ෂණයෙන් පසක් කර ගනී ’” ඔස්ත්‍රොව්ස්කි පැවසීය.
ඔස්ත්‍රොව්ස්කි සිදු විය හැකි දෙයක් ගැන නොව, සිදු වූ දේ ගැන ලියුවේය. එය ඔහු අත්දුටු දේ ගැන ලියූ නවකතාවකි.
Author | Nikolai Ostrovsky (13), දැදිගම වී රුද්‍රිගු - Dedigama V. Rodrigu (111) |
---|---|
Publisher | කැනොල් ප්‍රකාශන නිවස - Kanol Publishing House (107) |
ISBN | 9786245937172 |
---|---|
පිටු ගණන | 240 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |