Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වානේ පන්නරය ලැබූ හැටි I - කැනොල් ප්‍රකාශන

වානේ පන්නරය ලැබූ හැටි I - කැනොල් ප්‍රකාශන Hard Bind

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ජීවිත වික්‍රමයන් සහ වික්‍රමාන්විත ජීවිත ද ඇත. සුප්‍රසිද්ධ සෝවියට් ගත්කරු නිකොලයි අලෙක්සේයෙවිච් ඔස්ත්‍රොව්ස්කිගේ (1904-1936) ජීවිතය ද එබඳුම වික්‍රමයකි. මේ නවකතාවේ කතුවරයා ද ඔහු ය. ඔහු ජීවත් වූයේ කෙටි කාලයකි. අවුරුදු දෙතිසක් පමණකි. දොළොස් අවුරුද්දක් ඔහු ගත කළේ බරපතළ රෝගියෙකු මෙනි. ඉන් අවසාන අට අවුරුද්ද ඔහු අන්ධයෙකු සේ ගත කළේය. එහෙත්, ඔහු තබා ගිය පා සටහන් ගැඹුරුය.

'වානේ පන්නරය ලැබූ හැටි' නමැති ඔහුගේ නවකතාව සැබැවින්ම පරම්පරා කීපයකම අත්පොත බවට පත් විය. පිටපත් කෝටි ගණනකින් මුද්‍රණය වූ මේ නවකතාව ලෝක ප්‍රසිද්ධය.

''නිර්භයත්වය සටන් තුළින් උපත ලබයි. එය පරීක්ෂණයෙන් පසක් කර ගනී ’” ඔස්ත්‍රොව්ස්කි පැවසීය.

ඔස්ත්‍රොව්ස්කි සිදු විය හැකි දෙයක් ගැන නොව, සිදු වූ දේ ගැන ලියුවේය. එය ඔහු අත්දුටු දේ ගැන ලියූ නවකතාවකි.

ISBN
9786245937172
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Write a review
Write a review

You're reviewing: වානේ පන්නරය ලැබූ හැටි I - කැනොල් ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.