Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / වන්නි දිස්ත්‍රික්කවල අත්පොත

වන්නි දිස්ත්‍රික්කවල අත්පොත

About this book

උතුරු මැද පළාතේ උපත ලැබූ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත් (1963), ඇමරිකාවේ සිරක්‍යුස් විශ්ව විද්‍යාලයෙනුත් (1974), ඕස්ට්‍රේලියාවේ ප්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයෙනුත් (1982 ) පිළිවෙලින් භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ උපාධි සහ පශ්චාත් උපාධි දිනාගත්තෙකි.

ඔහු පුරා අවුරුදු තිස් දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මාණ්ඩලික තනතුරු දරමින් සිට විශ්‍රාම ලැබ සිටී. තම බැංකු සේවා කාලය තුල දී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සමාජ ආර්ථික සමීක්ෂණ වල පුරෝගාමියකු වශයෙන් කටයුතු කොට පෘථුලව ම ක්ෂේත්‍ර අත්දැකීම් ලබා ඇත්තෙකි. වියළි කලාපීය සංවර්ධන ගැටළු පිළිබඳව නිරන්තරව ම අධ්‍යයනයන්හී යෙදී සිටින ඔහු විසින් සකසා ඇති ශාස්ත්‍රීය ලිපි ලේඛන රැසක් මෙරට මෙන් ම විදෙස්වල ද ප්‍රකාශයට පමුණුවා ඇත.

ඔහුගේ "නියගය සහ ගොවියා” නැමැති ග්‍රන්ථය වර්ෂ 1994 සඳහා වූ රාජ්‍ය සම්මානයක් ද ලබා තිබේ. ඔහු දක්ෂ ග්‍රන්ථ පරිපරිවර්තකයෙක් ද වෙයි. ආර්.ඩබ්. අයිවර්ස් විසින් සම්පාදිතව 1899 දී ප්‍රකාශයට පත් කළ The Manual Of The North Central Province කෘතිය ආචාර්ය තෙන්නකෝන් විසින් පරිවර්තනය කර ඇත්තේ " එදා වැව් බැඳි රාජ්ජේ හෙවත් උතුරු මැද පළාත් අත් පොත” නමිනි. සැලසුම්කරණය පිළිබඳ පෘථුල දැනුමක් සහිතව උතුරු මැද පළාතේ දස අවුරුදු (2003/2012) සංවර්ධන සැලසුම් පිළියෙල කරනු ලැබුවේ ද ආචාර්ය තෙන්නකෝන් විසිනි. එහිදී ඔහු එල්ලංගා මත පදනම් වූ වියළි කලාපීය සංවර්ධනයක් කරා යා යුතු බැව් අවධාරණයෙන්ම සඳහන් කර ඇත.

පුහුණු කටයුතු ගැනද විශේෂඥයෙකු වන ඔහු ලෝක බැංකුවේ ආර්ථීක සංවර්ධන ආයතනයේ දී පුහුණුව ලබා ශ්‍රී ලංකා මහ බැංකුවේ ග්‍රාමීය බැංකු සහ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂක වශයෙන් ද, බංගලාදේශයේ පිහිටුවා ඇති ආසියා-ශාන්තිකර කලාපීය ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවකු වශයෙන් ද, දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් ගණනාවක ම නිතර සේවය කර ඇත.

-ගෞරව ශ්‍රාස්ත්‍රවේදී වත්තේවැවේ ධම්මානන්ද හිමි.-

ISBN
9786245865710
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වන්නි දිස්ත්‍රික්කවල අත්පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.