Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / කොක්කටි මහඟෙ

කොක්කටි මහඟෙ

About this book

ආචාර්ය තෙන්නකෝන් ගම දෙසට හැරී ගම කතා, ජන කතා ඉහළ සමාජය වෙතගෙන යාමේ කර්තව්‍යයට කර ගසා ඇත. ඔහු ජන කතා පිළිබඳව පර්යේෂණාත්මක ගවේෂණයකින් මේ පොත අරඹා ඇත. එහි එන සමහර කරුණු සැබවින්ම අපේ ඇස් අරවන සුළු ය. බටහිරින් අපේ ජන කතා සාහිත්‍යයට එක් වූයේ යැයි මෙතෙක් අවිවාදයෙන් පිළිගෙන තිබුන කරුණු නැවත සලකා බැලීමට අපට මග පෙන්වීමක් මෙහි ඇත. '' සින්ඩරැල්ලා” නොහොත් ''අළු කුමාරි” කතාව පමණක් නොව ” විළියම් ටෙල්” පිළිබඳ කතාව ද අපේ සාහිත්‍යයේ අවුරුදු ගණනාවකට පෙර අඩංගු වී තියෙනවා නේද? යි අපට වැටහේ. පණ්ඩුකාභය කුමරු තම මිත්‍රයෙකුගේ හිස මත දිවුල් ගෙඩියක් තබා එය හීයක් විද පසාරු කරයි. මෙම සිද්ධියට සමාන සිද්ධියක් විළියම් ටෙල් කතාවේ එනවා නේද? ඒත් ඒ අවුරුදු දහස් ගණනකට පසුව නේද?

ආචාර්ය තෙන්නකෝන්ගේ මේ පොතේ එන ගම කතා '' එකමත් එක කාලෙක " ගණයට නොවැටේ. ඒවා මේ මෑතකදී ගමේ ඉපිද, ගමේ එදිනෙදා ජිවිතයට ඈඳුන සිද්ධි සමූහයකි. ඒවා එලෙසින්ම ජීවමාන ගම කතා විශේෂයකි. අත්භූත කිසිවක් නැති එම කතා කොයි ගමේ වුව ද, කාට වුව ද, අද වුව ද සිද්ධ විය හැකි අන්දමේ කතාය.

ඉතින් ඉහත කී අන්දමේ ගැමි කතා මෙසේ ලේඛනගත කිරීම මහඟු කර්තව්‍යයකි. මන්දයත් ගැමි ජීවිතයේ රසවත්කම, හරවත්කම එයින් හෙළිදරවි වීම මෙන් ම එසේ දිගින් දිගටම වැඩි ඇත්තේ මේ රටේ අපේ සැබෑ හැදියාව බව අප හැමදෙනාටම මතක් කර දෙන හෙයිණි. මතක් කර දෙමින් අප අතර ප්‍රචලිත වෙමින් සදාකල් පවතින්නට සැලැස්වෙන හෙයිණි.

Details
ISBN
9786245865758
පිටු ගණන (Pages)
141
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කොක්කටි මහඟෙ

Reviews are published once a member of our team has read them.