Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ජනකතා / මැණික් කතන්දර සහ සිංහරාජෙ විත්ති

මැණික් කතන්දර සහ සිංහරාජෙ විත්ති

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): ජනකතා සහ උපමා කතා
About this book
සබරගමුවේ මැණික් කතන්දර සහ සිංහරාජෙ විත්ති කුඩා අවධියේ දී මැණික් පිළිබඳව මා තුළ තිබූ නොසන්සිඳෙන ආශාව මේ කතන්දර මා ආකර්ෂණය කිරීමට හේතුවක් විය. මැණික් වනාහී ලොව සුන්දරතම ආකර්ෂණයක් රැගත් පාෂාණ විශේෂයකි. ලොව ඇති සියලුම වර්ගයන්ගෙන් සැදී ඇති මැණික් ලොකු කුඩා කාගේත් කුතුහලය අවුස්සාලයි. යක්කු කපාපු ගල්, ඇවිදින මැණික්, මිනිසුන් මරන බලයක් ඇති මැණික්, රූපය ලස්සන කරන මැණික්, රෝග සුවකරන හා රෝගකාරක මැණික්, හොර මැණික්, බඩිං මැණික් සහ අමුඩ මැණික් වැනි නොයෙකුත් රස කථාවලින් මේ එකතුව සමන්විතය. කාබන් චිත්‍රවලින් තවත් මේ පොත හැඩ කළෙමි. මැණික් ග්‍රහලෝකවලට දක්වන සහෝදරභාවය, පොළොව යට මැණික් පතල්වල කථා, සිංහරාජ වනසත්තු ගැන, මිනිස් ඇස නොගැටුණු ඕකිඩ් ගැන නිධන්වස්තු හා භෛරවයෝ ගැන, වනාන්තර අවතාර ගැන, කෝටි දහස් ගණනක් වටින මැණික් ගැන, සිංහරාජ වනයේ භූතයෝ හා ධනනිධාන රකින නාගයෝ ගැන මම මේ පෙතෙහි අමතර සඳහනක් කොට ඇත්තෙමි. මැණික් අහුලන්නට ඇති දෙණිබිම් සහ කුඹුරු ගැන, සිංහරාජය ගැන ඔබ කිසි දිනෙක නෑසූ කථා මෙහි ඇත. මැණික් ඔළුවට වැටුණු අය, බිම තිබී මැණික් අහුලාගත් අය, මැණික් සොයා පතල් කපා හිඟමනට වැටුණු අය ද ලොව සිටිති. සීත හිමේ ඔබ නොදත් කතන්දර සමඟ ඔබට අප්‍රමාණ රසවින්දනයක් මේ කෘතියෙන් ලැබිය හැකි වනු ඇත
ISBN
9789553083241
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැණික් කතන්දර සහ සිංහරාජෙ විත්ති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.