වංශවතුන්ගේ කැදැල්ල
About this book
වංශවත් පවුල් කිහිපයක ජිවන පුවතක් සේ ඇඳී යන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක් වනුයේ යුරෝපියානු සංස්කෘතිය කෙරෙහි රුසියානු බුද්ධිමත් පර්ශද අතර පැවති සංවාදයන් සහ විසංවාදයන්හි සෙවණැල්ලයි. ඒ අතරම එය යුරෝපීයානු අධ්‍යාපනය ලද, යුරෝපියානු ඇවතුම් පැවතුම් මුළු හදින්ම ග්‍රහණය කරගත් උගත් එනමුදු සිය සමාජයට පිටස්තර බවට පත්,
රුසියානු සමාජයෙන් පරාරෝපිත තරුණයන් පිළිබඳව අවධානය යොමු කරයි. මේ සියල්ල යටින් දිවෙනා මානව ප්‍රේමය සමස්ත කෘතියම ඉහළට ඔසවා තබන්නේ යෞවන අවධිය සහ බිඳවැටුණු පෙම අතරින් මහලු විය කරා පිය නගන මිනිස් හදවතක ලසෝ ගීතය අපුර්ව ආකාරයට වදනට නඟමිනි. මෙහි එන ලැව්රෙට්ස්කි සහ ලීසා අතර වන ප්‍රේමය සහ එහි බීඳවැටීම හමුවේ ඔවුන්ගේ ජීවිත තුළ හටගන්නා කැළඹීම අතිශය සංවේදී ලෙසින් ඉවාන් තුර්ගේනෙව් අතින් ප්‍රතිනිර්මාණය වන්නේ රුසියානු සාහිත්‍යය යනු යල්පිනූ සාහිත්‍ය දහරාවක් නොවන බව අපට යළි පසක් කරමිනි.
Details
ISBN
9789551558789
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review