වසන්තය එනවා සත්තයි - Bargain
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
දම් පාට බෝගන්විලා මල් පඳුර උඩින් ලොකු කහපාට සමනලයෙක් පියෑඹුවා. මම හිතුවා කවදහරි නළුවෙක් වෙනවා කියලා. අපේ අක්කත් ඒ කාලේ හිතුවලු නිළියෙක් වෙන්න. එයා ගමේ කොල්ලෙකුට හැමදාම ඉස්කෝලෙ යද්දි පිච්චමල් ගිහිල්ලා දීලා කොල්ලො එයාට විහිළු කළා. “පිච්ච මල් කුමාරි” කියලා. මං නළුවෙක් වෙන හැටි ගෙදර කට්ටිය බලා හිටියා. මං කොළඹ ඇවිල්ලා නිළියෙක් කරකාර බැඳගෙන ගමේ ආවා.
ඇතැම් පිටපත්වල කල්ගත වීම නිසා ඇති වෙන අවපැහැ ගැන්වුණු සලකුණු ඇති බව ද,
මුද්‍රණ දෝශ හේතුවෙන් හැර වෙනත් හේතූන් මත මෙම කෘති නැවත මාරු කරනු නොලැබෙන බවද කරුණාවෙන් සලකන්න.
Details
ISBN
9558570354
පිටු ගණන (Pages)
126
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
වසන්තය එනවා සත්තයි : උපුල් ශාන්ත සන්නස්ගල - ශ්‍රී ලාංකිකයාගේ ෆැන්ටසියේ (අරුමැසියේ) පිළිබිඹුවක් / Wasanthaya Enawa Saththayi : Upul Shantha Sannasgala - A reflection of every Sri Lankans Love fantasy"The First Teacher" (1962) සිංහලට පරිවර්තනය වන්නේ "පළමුවන ගුරුවරයා හෙවත් ගුරු ගීතය" (1966) ලෙසයි. මෙය චින්ගීස් අයිතමතව්ගේ රුසියන් කෙටි නවකතාවක් වන අතර සිංහලට පරිවර්තනය කරනු ලබන්නේ ප්‍රකට පරිවර්තක දැදිගම වී. රුද්‍රිගෝ අතිනි.
මෙම ලේඛණයේ ඉතාමත් ප්‍රකට වාක්‍යය කණ්ඩයක් ඇත. එය මෙලෙස උපුටා දක්වමි.
" ඔව් ශීත කාලය පැමිණේවි.....තද සීත කුණාටු හමාවී.....හිම කැට සහිත මහා නපුරු සුළි සුළං හමාවී......එහෙත් වසන්තය එනවා සත්තමයි."
මෙම වාක්‍යය කාණ්ඩය අවසානයේන් තම නවකතාවට අවශ්‍යය නාමය සොයාගන්නා උපුල් ශාන්ත සන්නස්ගල 2004 වර්ෂයේදී තම ප්‍රථම මුද්‍රණයෙන් ද හා 2018 දී තෙවැනි මුද්‍රණයෙන් ද ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික මිනිසාගේ බොලඳ ෆැන්ටසියක (අරුමසියක) පිළිබිඹුවක් නිරුපණයට යම්තාක් දුරකට සමත් වී ඇති බවට පැවසිය හැක.
"පළමුවන ගුරුවරයා හෙවත් ගුරුගීතය" (1966) සිංහල පරිවර්තනය රුසියාවේ පැවති සමාජවාදී යතාර්ථවාදයේ (Socialist realism) පිළිබිඹුවක් වන්නේ යම් සේ ද, උපුල් ශාන්ත සන්නස්ගලගේ "වසන්තය එනවා සත්තයි" (2004) ශ්‍රී ලාංකිකයාගේ බොලඳ ෆැන්ටසිය (අරුමසිය) තරමක් දුරට නව නිදහස් භාෂා ශෛලියකින් හා ආදරය පිරවූ සිහිනමය ආකෘතියකින් පෙන්වා දීමට සමත් වන්නේය.
මෙය විටෙක ප්‍රති කලාත්මක (Anti Art) සාහිත්‍යමය ප්‍රහාරයක්ද යැයි සිතෙන්නේ පහත අභව්‍ය හා විහිලු කාරී කියවීම කරන විටය.
" ඔව්. රෑ වෙයි. ඊට පස්සේ එකිනෙක තරු පායයි. දැනටමත් බ්‍රහස්පති තාරකාව පායලා ඇති. අපරාදේ අපිට බලන්නයි තිබුනේ. ඒ ලඟම හඳ ඇති. හඳ ළඟ ඉන්න තාරකාව හඳ ලඟින් ඇත් වෙන්නේ නෑ. හඳට දුක හිතෙයි කියලා. ඊට පස්සේ-ඔන්න ඉතිං ඊට පස්සේ තව තරු පයයි. හොඳටම පරක්කු වුනත් - කවදාවත් ඉර පායන්නේ නැති වුනත් මං ඔයා ළඟ ඉන්නවා. සත්තකයි අංජනා. වසන්තය එනවා සත්තයි."
පිටු 90 - 91
"ජනක සහ මංජු" (1978) වැනි සිංහල සිනමා කෘතියක වැනි ආදර කතාවක් ඇතුළත් වන මෙම සාහිත්‍යය කෘතිය ශ්‍රී ලාංකිකයාගේ සිහින ෆැන්ටසියේ (අරුමැසියේ) සරල හා බොලඳ පිළිබිඹුවක් ලෙස හැඳින්විය හැක.
Upul Shantha Sannasgala's "Wasanthaya Enawa Saththayi" is a love story that reflects the collective Sri Lankan fantasy.
With an independent and free writing style, this book reminds of the love story films of the 1970s and 1980s.
A childish love story with undertones of anti-art novelization tactics (Surrealism) is an okay book to any reader to enjoy and have a nostalgic time thinking of old Sri Lankan love films.
Write a review