Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වසන්තයේ දවසක්
About this book

වසන්තයේ දවසක් නවකතාව නූතන යෞවනත්වය පාදක කර ගත් රසවත් සාර්ථක නිර්මාණයකි. වර්තමාන තරුණ ගැටලු, සමාජ ප්‍රශ්න, ආදරය ආදී ඔවුනොවුන්ගේ ජීවිත හා බැඳුණු සංකීර්න තත්වයන් මෙම කෘතිය තුළින් කතුවරියගේ කලාත්මක සම්භාවනාවට පාත්‍ර වේ. එකිනෙකට වෙනස් මාර්ග දෙකක ගමන් ගන්නා නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගේ ජීවිත මෙම කෘතියට පදනම් වුවත් ඔවුන් පසුපස සිටි ගුරුවරියගේ චරිතය වීර කාව්‍යයක් සේ නැඟී සිටීම මෙම නිර්මාණයේ සුවිශේෂි ලක්ෂණයක් වේ. වර්තමානයේ බොහෝ නිර්මාණවල දක්නට නොලැබෙන ගැඹුරු ජීවන දෘෂ්ටියක් කතාව තුළ විහිද යයි. ඇයටම අනන්‍ය වූ සුවිශේෂ ගුණයකින් මෙම වෘතාන්තය රසවත්ව කියා පෑමට කතුවරිය සමත්ව ඇත.

මෙහි කතුවරිය වන තීෂ්‍යා දුල්මිණි උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විශාකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව විවෘත විශ්ව විද්‍යාලයේ දෙවන පන්ති සාමාර්ථයක් සහිතව විද්‍යාවේදී උපාධිය ලබා ඇත. ඇය දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්ලේෂණ රසායන විද්‍යා (Analytical Chemistry) පිළිබඳව විද්‍යාපති උපාධිය අවසන් අදියර නිම කරමින් සිටියි. රසායන විද්‍යා පිළිබඳ පර්යේෂණ ලිපි කිහිපයක්ම ඈ විසින් පළ කර ඇත.

ISBN
9789553122971
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වසන්තයේ දවසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.