වසන්තයේ දවසක්

Special Price රු. 292.50 Regular Price රු. 325.00
Out of stock
SKU
wasanthaye-dawasak-theeshya-dulmini-sarasavi

වසන්තයේ දවසක් නවකතාව නූතන යෞවනත්වය පාදක කර ගත් රසවත් සාර්ථක නිර්මාණයකි. වර්තමාන තරුණ ගැටලු, සමාජ ප්‍රශ්න, ආදරය ආදී ඔවුනොවුන්ගේ ජීවිත හා බැඳුණු සංකීර්න තත්වයන් මෙම කෘතිය තුළින් කතුවරියගේ කලාත්මක සම්භාවනාවට පාත්‍ර වේ. එකිනෙකට වෙනස් මාර්ග දෙකක ගමන් ගන්නා නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගේ ජීවිත මෙම කෘතියට පදනම් වුවත් ඔවුන් පසුපස සිටි ගුරුවරියගේ චරිතය වීර කාව්‍යයක් සේ නැඟී සිටීම මෙම නිර්මාණයේ සුවිශේෂි ලක්ෂණයක් වේ. වර්තමානයේ බොහෝ නිර්මාණවල දක්නට නොලැබෙන ගැඹුරු ජීවන දෘෂ්ටියක් කතාව තුළ විහිද යයි. ඇයටම අනන්‍ය වූ සුවිශේෂ ගුණයකින් මෙම වෘතාන්තය රසවත්ව කියා පෑමට කතුවරිය සමත්ව ඇත.

මෙහි කතුවරිය වන තීෂ්‍යා දුල්මිණි උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විශාකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව විවෘත විශ්ව විද්‍යාලයේ දෙවන පන්ති සාමාර්ථයක් සහිතව විද්‍යාවේදී උපාධිය ලබා ඇත. ඇය දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්ලේෂණ රසායන විද්‍යා (Analytical Chemistry) පිළිබඳව විද්‍යාපති උපාධිය අවසන් අදියර නිම කරමින් සිටියි. රසායන විද්‍යා පිළිබඳ පර්යේෂණ ලිපි කිහිපයක්ම ඈ විසින් පළ කර ඇත.

Author තීෂ්‍යා දුල්මිණි - Theeshya Dulmini (1)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553122971
පිටු ගණන 158
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වසන්තයේ දවසක්
Back to Top