Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වෛරයේ මිදි ඵල

වෛරයේ මිදි ඵල

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
Grapes of wrath නමැති මෙම කෘතිය විසි වැනි සියවසෙහි ලොව රවිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි.1939 දීජුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය ,1962 දීජෝන් ස්ටෙයින්බෙක් වෙත සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි. ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුළ වැඩිම දේශපාලන ආන්දෝලනයකට හා වාද විවාදයන්ට පාත්‍ර වු , එසේම විසිවන සියවසෙහි ලොව රචිත අගනාම සාහිත්‍ය කෘති සියය අතරින් එකක් ලෙස සැලකෙන එය ඇමරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කළේය. එය වැඩිම ඇමරිකානු ජනකායක් කියවූ ඇමරිකාන් සාහිත්‍ය කෘති දහය අතුරින් එක් කෘතියක් ලෙසද සැළකේ. එයින් නොනැවතී,සිනමාව, වේදිකා නාට්‍යය ,සංගීතය හා කාව්‍යකරණය ඇතුළුඇමරිකානු කලාවේ සියළු ධාරාවන් ඔස්සේ පැතිරුණු එහි බලපෑම අදදක්වා නොනැසී පවතී. වෛරයේ මිදි ඵල ලෙස පළමු වරට සංහලයට නැගෙන මෙම කෘතිය ,විසිවන සියවසේ මුල් භාගයේදි ඇමරිකා එක්සත් ජනපදය මුහුණ දුන් දරුණුතම මානව ඛේදවාචයක් පසුබිම් කරගත් හද සසල කරවන නිර්මාණයකි.
ISBN
9789551559496
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෛරයේ මිදි ඵල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.