වීදුරු මාළිගාව - සුමිත ප්‍රකාශන
1885 වසරේදී බ්‍රිතාන්‍යයන් විසින් බුරුමය ආක්‍රමණය කරනු ලැබීමත් සමගම ඇරඹෙන මේ අති විශිෂ්ට නවකතාව දේශපාලන හා සමාජ අවුල් ජාලා උදම්වලින් ඉහළට මතුව අවසානයේදී බුරුමයේ තේක්ක කැලෑවල අධිරාජ්‍යක් නිර්මාණය කරන රාජ්තුමාර් නැමැති දූගී කොල්ලෙකුගේ අපූර්ව කථාන්තරය අප හමුවේ දිග හරියි.
බ්‍රිතාන්‍ය සොල්දාදුවන් බුරුම රජ පවුල වීදුරු මාළිගාවෙන් නෙරපා විප්‍රවාසයට යවන කල ,බුරුම රැජීනගේ මැඳුරෙහි සේවය කරන යුවතියක සමඟ රාජ්කුමාර් මිතුරු කමක් ඇති කර ගනියි.ඔහුට ඇය අමතක කිරිමට නොහැකි වන අතර වසර ගණනාවකට පසු ධනවතෙකු වී ඔහු ඇය සොයා යන්නේය.
ඇයගේ ආදරය ඔහුගේ දිවිය සම්පුර්ණයෙන්ම වෙනස් කරනු ඇත.ආදරය හා යුද්ධය මැදිකර ගනිමින් පරම්පරා කිහිපයක් තිස්සේ දිවෙන මේ මහා නවකතාව ඔස්සේ යටත්විජිතවාදයේද ධනවාදී සුරාකෑමේද දරුණුබව පිළිබඳ දයා විරහිත විවරණයක් අමිතාබ් ඝෝෂ් අප වෙත රැගෙන එයි.
මේ අමිතාබ් ඝෝෂ්ගේ නවකතාවක් සිංහල බසට නැගෙන පළමුවැනි අවස්ථාවයි.Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.