විදුඑළිය ආදර්ශ රචනා
5 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පාසල් දරුවන්ට ඉගැන්විය යුත්තේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලත් ප්‍රාථමික පුහුණු පළපුරුදු ගුරු මහත්ම මහත්මීන් විසිනි. එම දරුවන්ගේ නොමේරූ ළමා මනස හරිහැටි හඳුනාගෙන ඊට ගැළපෙන ක්‍රියාකාරකම් මඟින් ඔවුන්ට ඉගැන්විය යුතු නිසා ය.
රචනා ලිවීමේ දී ළමයින්ට මාතෘකාවට අදාළ ව වාක්‍ය නිර්මාණය කිරීමට සිදුවේ. එම කාර්යය සාර්ථක කරගැනීමට පළපුරුදු විදුහල්පතිවරයකු, අධ්‍යාපනයට අදාළ පොත් 65 පමණ ලියූ රාජ්‍ය සම්මාන ලත් ගත්කතුවරයකු වූ ශ්‍රීලංකාතිලක බෝවල කේ. ඩී. සී ගුණසේකර මහතා ලියූ විදුඑළිය ආදර්ශ රචනා, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ළමා පොත ඉතා සාර්ථක උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දිය හැකි ය.
පාසල් දරුවන් දිරිමත්කොට, ඔවුන් ඉදිරියට කැඳවා, ඔවුන් සතු කුසලතාවන් උද්දීපනය කිරීමට මෙම රචනා බෙහෙවින් ඉවහල් විය හැකි ය. ඒ කතුවරයා ලද දීර්ඝකාලීන අත්දැකීම්, ප්‍රායෝගික ඥානය මෙම පොතේ සාර්ථකත්වයට හේතු වී ඇති බව මනාව පැහැදිලි ය. කාලීන වශයෙන් අගය කළ යුතු කෘතියක් ලියා පළකිරීම ගැන කතුවරයා බෙහෙවින් පැසසුම් ලැබිය යුතු ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.