විල් තෙර නිවහන

Special Price රු. 2,160.00 Regular Price රු. 2,700.00
In stock
SKU
wil-thera-niwahana-kate-morton-koshali-sirichandra-ashirwada

අත්හැර දැමූ නිවෙසක්.....

1933 ජූනි මස, දහසය හැවිරිදි ඇලිස් ඇඩවේන් ඇගේ පවුලේ ගම්බද නිවහන, ලොඇනත්හි පැවැත්වීමට යන මධ්‍යම ගිම්හාන සෑඳෑ සාදයට සූදානම් වෙයි. නමුදු, මැදියම් රැය එළඹී, ගිනි කෙළි රාත්‍රී අහස ආලෝකවත් කරන වේලාවේ, එඩ්වෙන් පවුලට ඉතාමත් වටිනා යමක් අහඅමි වෙයි. එම අහිමිවීමේ වේදනාව කොතරම්ද යත් ඔවුහු සදහටම ලොඇනන් හැර යති. 

අතුරුදහන් වූ දරුවෙක්....

එයින් අවුරුදු හැත්තෑවක් ගතව ගිය පසු, සිතට විශේෂයෙන්ම වදදෙන අපරාධ පරීක්‍ෂණයකට පසු, අපරාධ පරීක්‍ෂක සේඩි ස්පැරෝ කෝන්වෝල්හි පිහිටි ඇගේ ආදරණීය සීයාගේ නිවස්නට යයි. එහි ගිය පසු අහම්බයකින් ඇය අත්හැර දැමූ නිවෙසක් සොයා ගනියි. කිසිම ලකුණක් ඉතිරි නොකර අතුරුදහන් වූ කුඩා පිරිමි දරුවකු ගැන ඇයට දැනගන්න ලැබෙයි. 

නොවිසඳුණු අබිරහසක්......

මේ අතරතුර, දැන් වයසක කාන්තාවක් වෙන බියජනක ඇලිස් එඩවේන් ඇගේ මනහර හැම්ප්ස්ටඩ් නිවහනේ ඇය රචනා කරන, විශාල වශයෙන් විකිණෙන රහස් පරීක්‍ෂක නවකතා මෙන් පිලිවෙලට සැලසුම් කළ ජීවිතයක් ගත කරයි. තරුණ පොලිස් පරීක්‍ෂකවරියක්, ඇලිස් ඇගේ මුළු දිවිය පුරාවටම මඟ හැරීමට උත්සහ කළ සංකීර්ණ රහස් ජාලාවට නැවතත් පණ දීමට උත්සහ කරමින්, ඇගේ පවුලේ අතීතය ගැන ප්‍රශ්න කිරීම අරඹන තුරුම ඇලිස් එසේ ජීවත් වෙයි... 

Author කෝශලී සිරිචන්ද්‍ර - Koshali Sirichandra (33), Kate Morton (1)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9786245519514
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:විල් තෙර නිවහන
Back to Top