Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / විරිත හා අරුත
About this book

භාෂා ශාස්ත්‍රීය ක්ෂේත්‍රයට විශිෂ්ට සම්ප්‍රදානයක් සිදු කර ඇති අද්විතීය ප්‍රාඥයකු වන මහාචාර්ය විමල් දිසානායක විද්වතාත් ශාස්ත්‍රාධ්‍යනයෙහි නියුත්ත ගවේෂකයකු වන ශ්‍රීනාත් ගණේවත්ත විද්වතාත් සම්ප්‍රදාය දෙකකින් බිහි වූ දෙදෙනකු ලෙස හැඳින්විය හැකි ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල හා ඉංග්‍රීසි යන විෂයන් හදාරා, කේම්බ්‍රීජ් විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය විචාරය පිළිබඳ පුහුණුවක් ලැබ, පෙන්සිල්වේනියා හා හවායි විශ්ව විද්‍යාලවල පශ්චාත් නව්‍යවාදය හා පශ්චාත් සංස්ථිතිකවාදය අධ්‍යයන කළ මහාචාර්ය විමල් දිසානායක, ග්‍රන්ථ සතලිසකට අධික සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කොට ඇත. එතුමා සිංහලය පිලිබඳ මහාචාර්යවරයකු මෙන් ම, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ද සේවය කර ඇත.

ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යයනය පිලිබඳ ව උනන්දුවක් දක්වන ශ්‍රීනාත් ගණේවත්ත හෙළ හවුලෙහි වත්මන් විද්වතා (නායක) තනතුරු ද හොබවයි. සිංහල භාෂාව පිලිබඳ ප්‍රාමාණිකයකු ලෙස සැලැකෙන ඔහු විසින් ග්‍රන්ථ කිහිපයක් ද රචනා කරනු ලැබ ඇත.

මේ දෙදෙනා ගේ බුද්දිමය හමුවෙහි සාර්ථක ප්‍රතිඵල ‘විරිත හා අරුත’ යන මේ තුලනාත්මක ග්‍රන්ථයෙහි මැනැවින් සටහන් ව ඇත.

ISBN
9789553117922
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විරිත හා අරුත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.