Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සිංහල භාෂාවේ නිවැරදි ව්‍යාකරණ විධි

සිංහල භාෂාවේ නිවැරදි ව්‍යාකරණ විධි

About this book

සිංහලයේ සාවද්‍ය හා නිරවද්‍ය ව්‍යවහාරය හඳුනාගැනීම මෙකල බොහෝ දෙනෙකුට දුෂ්කර කාර්යයක් වී තිබේ. පාසල් අධ්‍යාපනය, ජනමාධ්‍ය හා ශාස්ත්‍රීය ලිපිලේඛන ආදියේ භාෂා භාවිතය ගැන විමර්ශනය කිරීමේ දී මේ බව සනාථ වෙයි. භාෂා භාවිතයේ දුර්වලතා කෙරෙහි හේතු දෙකක් මුල් වී ඇත. එකත් නම් අනවබෝධයයි. අනෙක නම් නෙසැලකිල්ලයි. මේ නිසා වර්තමාන සිංහල ලේඛන ව්‍යවහාරය තුළ දක්නට ලසබන්නේ අවිනිශ්චිත තත්ත්වයකි. ඉහත සඳහන් පසුබිම ගැන සැලකීමේ දී සිංහල භාෂාවේ නිවැරැදි ව්‍යාකරණ සංග්‍රහයක් පළකිරීම සදහා ශ්‍රී ලංකාතිලක බෝවල - කේ. ඩී. සී. ගුණසේකර මහතා දැරූ උත්සාහය සාකල්‍යයෙන් මේ යෝග්‍ය වුවක් බව මගේ හැඟීමයි. ගුරුවරයෙකු විදුහල්පතිවරයෙකු පමණක් නොව අධ්‍යාපන හා අමාතත්‍යාංශයේ පෙළපොත් සංස්කාරකවරයෙකු වශයෙන් ද ඒ මහතා ලැබූ අත්දැකීම් හා ප්‍රායෝගික ඥානය මේ තෙත සම්පාදනයේ දී උපයෝගී කරගත් බව සැළකිය හැකිය. සිංහල භාෂාවේ අක්‍ෂර, අක්‍ෂර සංවිධානය, පද, වචන වාක්‍ය හා ශිල්පීය දක්‍ෂයා පිළිබඳ දැනුම දියුණු කිරීම සඳහා ගුණාසේකර මහතා මෙහි දී උත්සාහ දරා අත. මෙබඳු කෘතියක් ලියා පළ කිරීම ගැන සිංහල භාෂාව හදාරන කාගේත් ප්‍රශංසාව ඒ මහතාට හිමි විය යුතු ය.

ISBN
9789555737296
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිංහල භාෂාවේ නිවැරදි ව්‍යාකරණ විධි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.