යෝගාචාර බුදුදහම සහ නූතන මනෝවිද්‍යාව
"ජියැංගේ කෘතිය මට්ටම් තුනකින් සාර්ථක වේ: පළමුව, එය යෝගාචාර බෞද්ධ දර්ශනය පිළිබඳ අතිශය පැහැදිලි හැඳින්වීමක් සපයයි; දෙවනුව, බුදු දහම සහ බටහිර මනෝවිද්‍යාව අතර ඇති 'මනස පිළිබඳ ආකෘති’ වල පවතින පොදු සහ වැදගත් වෙනස්කමක් ගෙන හැර දක්වයි; තෙවනුව, සංසන්දනාත්මක දර්ශනයේ නියුතු විද්වතුන්ට නිවැරදි ක්‍රමවේදාත්මක මග පෙන්වීමක් ලබා දෙයි. බුදු දහම සහ නූතන මනෝවිද්‍යාව අතර සංකලනාත්මක සංවාදයක් ගොඩනැගිය හැකි වුවත්, එම ව්‍යාපෘති හැඩගස්වන මූලධාර්මික වෙනස්කම් (Paradigmatic differences) නිසි ලෙස විශ්ලේෂණය නොකළහොත් එය අසාර්ථක විය හැකි බව පාඨකයාට ඒත්තු ගැන්වීමට මෙම කෘතිය සමත් වේ.”
බුඩිස්ට්-ක්‍රිස්ටියන් ස්ටඩීස් (Buddhist-Christian Studie)
"සංසන්දනාත්මක අධ්‍යයන ක්‍රමවේදයන් අතිශය ජනප්‍රිය වී ඇති වත්මන් ශාස්ත්‍රීය වටපිටාව තුළ, සංසන්දනය කිරීමේදී ඇති විය හැකි අන්තරායන් පිළිබඳව කෙරෙන කාලෝචිත සිහිගැන්වීමක් ලෙස ජියැංගේ මෙම කෘතිය දැක්විය හැකිය. සංසන්දනාත්මක අධ්‍යයන කාර්යයන්හි නිරත වන සියලු දෙනාම (යෝගාචාර බුදු දහම ගැන උනන්දුවක් නොමැති අය පවා) මෙම කෘතිය අනිවාර්යයෙන් ම කියවිය යුතුය.”
ජර්නල් ඔෆ් චයිනීස් ෆිලෝසොෆි (Journal of Chinese Philosophy)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.