Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / යුද බිමක ඇසින් දුටු මතක

යුද බිමක ඇසින් දුටු මතක

About this book

දශක තුනහමාරකට අධික කාලයක් මෙරට ඇසිදිසි මාධ්‍යයේ පෙළහර පෑ ෂර්ලි අනිල් ද සිල්වාට මුද්‍රිත මාධ්‍යයේ ද බොහෝ ඇසු පිරූ තැන් ඇති බව දැන සිටියේ අතළොස්සකි.

එයිනුත් දශක දෙකකට ආසන්න කාලයක් ආරූඨ නාමයන්ගෙන් පෙනී සිටිමින් ඔහු රචනා කළ තීරු ලිපි මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම සම්භාවනාවට පාත්‍ර වූ අවස්ථාවන්ද ගණනාවකි.

ඇසි දිසි මාධ්‍යයෙන් ඉසිඹු ලැබීමෙන් අනතුරුව ඉර්දා මව්බිම පුවත්පතට ඔහු රචනා කළ යුධබිමක ඇසින් දුටු මතක ලිපි පෙළ තුළ ෂර්ලිගේ විශේෂාංගකරණයේ රුව ගුණ තේජස මැනවින් සනිටුහන් වී තිබේ.

සිය මතක පොතේ පිටු එකිනෙක පෙරලමින් කළ ආවර්ජනාවන් පාඨකයාගේ මනසේ මැනවින් චිත්‍රණය කරන්නට ඔහු තමන් ඇසිදිසි හා මුද්‍රිත මාධ්‍යයෙන් ලැබූ පරිචය මැනවින් උපයෝගී කරගෙන ඇත. ඒ ඔස්සේ ෂර්ලිට මේ මාවතේ තව බොහෝ දුර යා හැකි බව මෙම කෘතියේ අන්තර්ගතය මොනවට සාක්ෂි දරයි.

Details
ISBN
9786245578054
පිටු ගණන (Pages)
170
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: යුද බිමක ඇසින් දුටු මතක

Reviews are published once a member of our team has read them.