Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / යුරෝපීය ශාස්ත්‍රාලයීය චිත්‍ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

යුරෝපීය ශාස්ත්‍රාලයීය චිත්‍ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

About this book

දෘශ්‍ය සාක්ෂරතාව දෘශ්‍ය ඉගැනුම් ශෛලියේ වැදගත් අංගයකි. ඉන් සිදුවන්නේ දෘශ්‍ය රූපයක සංඥා, සංකේත මගින් දෙන අර්ථය වටහා ගැනීමට ඇති හැකියාව දියුණු කිරීමයි. ඩිජිටල් මාධ්‍ය ඉතා ප්‍රබල බවට පත් ව ඇති විසිඑක්වන සියවසේ රූපවල බලය අන් කවරදාකටත් වැඩියෙන් දැනෙන්නට වී ඇත. එහෙයින් පණිවුඩ, තොරතුරු මෙන්ම දැනුම සම්ප්‍රේෂණයට විශේෂ හැකියාවක් සහිත දෘශ්‍ය ඉගැනුම් ශෛලිය අධ්‍යාපන උපකරණයක් වශයෙන් භාවිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු ව ඇත. දෘශ්‍ය රූප පාඨකයා හා චිත්තවේගීය වශයෙන් බැඳෙන අතර, මතකයේ වැඩි කලක් රැඳෙයි. කුතුහලයක් ජනනය කිරීමට මෙන්ම සෙවීමට ද පොලඹවයි. පන්ති කාමරයක සිටින විවිධ බුද්ධි මට්ටම්වල මෙන්ම ශ්‍රවණ අපහසුතා සහිත සිසුන්ට ද පෙළ, දෘශ්‍ය රූප සමග සංයෝජනය වන සේ රචනා කොට ඇති මෙම පාඨ ග්‍රන්ථය අතිරේක කියවීම් පොතක් වශයෙන් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

එහෙයින් කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන අසිත අමරකෝන් රෝම ඉතිහාසය වැනි මතකයේ රඳවා ගැනීමට අපහසු ගැඹුරු ශාස්ත්‍රීය විෂය කරුණු දෘශ්‍ය රූප හා සංයෝජනයෙන් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම බෙහෙවින් කාලෝචිත බව මෙහිලා සඳහන් කරමි. පරිගණක නිර්මාණ ශිල්පියකු හා ආචාර්යවරයකු වශයෙන් ඔහු ලද පරිචය හා අත්දැකීම් මෙම කෘතිය සම්පාදනයෙහි ලා ඔහුට බලපා ඇතැයි හැඟේ. කලා ඉතිහාසය මෙන්ම ඉතිහාසය හදාරන්නන්ට ද මෙම කෘතිය මහෝපකාරි වනු ඇති බව මගේ විශ්වාසය යි.

මංගලිකා ජයතුංග

විශ්‍රාමික මහාචාර්ය, ලලිත කලා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

 

ISBN
9786245586578
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යුරෝපීය ශාස්ත්‍රාලයීය චිත්‍ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.