ශ්‍රී ලාංකේය පාඨකයාට රහස් පරීක්ෂක නිර්මාණ ඉදිරිපත් කරන්නන් අතරින් ප්‍රමුඛ තැනක් හිමි කර ගැනීමට අනුර දිසානායක සමත් වී සිටින්නේ, රහස් පරීක්ෂක නවකතා 34ක් පාඨකයාට තිළිණ කිරීම තුළිනි.
එවන් නිර්මාණ 34කට ජීවය ලබා දීම පහසු කටයුත්තක් නොවේ. මන්ද, ඒවා එකිනෙකට වෙනස් විය යුතු බැවිනි. ඒවායේ අපරාධ, එම අපරාධවලට මිනිසුන් පෙලඹෙන සාධක, එම අපරාධ විසඳීමේ නීත්‍යනුකූල ක්‍රමවේද එකිනෙකට වෙනස් විය යුතුය. නැතිනම් සිදු වන්නේ පාඨකයාට නැවුම් සන්දර්ශනයක් නැති වීමයි. මේ නිසා රහස් පරීක්ෂක නවකතාකරුවකුට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වෙයි. අනුර දිසානායක එම අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් නිර්මාණකරුවකු ලෙස හැඳින්වීම යුක්ති සහගතය. ඔහු සිදුවීම්, අපරාධ, ඒවා හඹා යෑම්, ඒවා විසඳන ආකාරයන් තම නිර්මාණවලට එක්කරගෙන ඇත්තේ පෙර කී විවිධත්වන් බව තවරා ගනිමිනි. මේ නිසා පාඨකයාට හැම විටම නැවුම් අත්දැකීමක් ගෙන දීමට ඔහු සමත් වෙයි.
එපමණක් නොව තම පාඨකයා මොහොතින් මොහොත කුතුහලයෙන් කුල්මත්ගන්වමින් අවසානය තෙක්ම ඔහු තම නිර්මාණයේ පිටු අතර සිරකරුවකු කිරීමටද අනුර දිසානායක දක්වන්නේ මහත් හපන්කමකි.
ඔහුගේ නවතම රහස් පරීක්ෂක නවකතාව වන "10.10"ද පෙර කී සියලු ලක්ෂණවලින් සමන්විත වන අතර, මෙහිදීද "ඉන්ස්පෙක්ටර් රොමේෂ්"ගේ තර්කානුකූල, විචක්ෂණශීලී කාර්යභාරය පාඨක සිත් සතන් පැහැර ගැනීමට සමත් වන බව මගේ විශ්වාසයයි. සමාජයේ ප්‍රගමනයට මහත් දායකත්වයක් දක්වන මෙම රහස් පරීක්ෂක නවකතා ක්ෂේත්‍රයේ තවත් දිගු කලක් සැරිසැරීමට අනුර දිසානායකයන්ට හැකි වේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.
ප්‍රවීණ ලේඛක සහ පරිවර්තක
දිලීප ජයකොඩි
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.