ඒ රෝස පැහැති ෆයිල් කවරය - කාව්‍ය සංග්‍රහය
විද්‍යා ගුරුවරියක, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය අර්ථවත් ව ගෙවූ කේ. වී. නන්දනී ශ්‍රියාලතා මහත්මිය, පහන් වැටේ කිවිඳියක වශයෙන් ද ප්‍රකට ය.දිගු කලක් තිස්සේ කාව්‍ය නිර්මාණකරණයේ නියැලෙන ඇය, සිය නිර්මාණ ඉදිරිපත් කරන්නියක පමණක් නොව තම හද රැඳුණු නිර්මාණ පිළිබඳ සටහන් තබන්නියක ලෙස ද මුහුණු පොතේ ජනප්‍රිය චරිතයකි. ඇය මුහුණු පොතෙන් ඔබ හමුවට එන්නී නන්දනී රත්නායක ලෙසිනි.
මේ ඇගේ තෙවන කාව්‍ය සංග්‍රහයයි.
මානව සබඳතා වල විවිධ ඉසව් මෙන් ම සමාජ පරිසරයෙහි එදිනෙදා හමු වන සංසිද්ධි, චරිත අනුභුතිකොට ගෙන නිර්මිත ඇගේ කවියෙහි බස සුමට ය. තුන් මංසල මී ගසේ සිට ආදාහනාගාරයේ පීඨිකාව දක්වා අචේතන වස්තූන් ද,ජීවන සාම්කටොලු මැද දිවි ගෙවන ගැහැනුන් ද ඇගේ කවි අතරේ නිතර ඔබ ඇස ගැටෙනු ඇත. සිය ප්‍රකාශන මාධ්‍යය ලෙස කවිය නොහැර සිටින ඇගේ මේ ප්‍රයත්නය කවි රස විඳින සමාජය මග නොහැරිය යුතු බව මගේ හැඟීමයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.