My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
අහළ පහළින් සොයාගෙන ආව හොඳ ම දේ
හොට ඇමිණි පරාසය අහවරයි
ඉතින් ඔය පියාපත් හර බරයි
හිරු හැරෙන දිසාවට ඒ දිලෙන නව ලොවට
ඉතින් නුඹ තටුසලා යා යුතුයි
නිහඬ බව බින්ද ගෙයි හතර මායිම ඇතුළෙ
හති වැටුණ මිහිරි කංකරච්චල නිදිබරයි
ඉල්ලීම් සපුරන්න සීරුවෙන් සිටගත්තු
මවගෙ හිත ඉතින් ගොළු වෙලා යයි
නැගණියන් නොයිවසුව ගොඩගැහුණු අණපනත්
අගුලු හැර පෑළ දොර ඇහැරවයි
රතු උනත් ඇස් ඇගේ සහෝදරකම ළඟ දි
හිනාවෙන්නට ටිකක් වෙලා යයි
ඉහනිකට පැහුණු මට - නෙතට කඳුළක් මොකොට
ලිහෙන හිත බැඳ තබා ගත යුතුයි
දෙමාපිය දරු ඇසුර - තබා මතකය අතර
හිසට අත් තබා සමුදිය යුතුයි
හිත හයිය කරගන්න කියා දුන් බණ දහම්
ඇවිත් මට ඔච්චමට හිනා වෙයි
ගේ කුරුලු කැදැල්ලක කිචිබිචිය අහවරයි
ලෝ දහම ඈවරයි.....දෑවරයි.....
Author | ජයන්ත නිමල්සිරි - Jayantha Nimalsiri (1) |
---|---|
Publisher | සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (103) |
ISBN | 9789550980314 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |