Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / නික්මයෑමෙන් පසු

නික්මයෑමෙන් පසු

ප්‍රකාශක (Publisher): සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

අහළ පහළින් සොයාගෙන ආව හොඳ ම දේ

හොට ඇමිණි පරාසය අහවරයි

ඉතින් ඔය පියාපත් හර බරයි

හිරු හැරෙන දිසාවට ඒ දිලෙන නව ලොවට

ඉතින් නුඹ තටුසලා යා යුතුයි

 

නිහඬ බව බින්ද ගෙයි හතර මායිම ඇතුළෙ

හති වැටුණ මිහිරි කංකරච්චල නිදිබරයි

ඉල්ලීම් සපුරන්න සීරුවෙන් සිටගත්තු

මවගෙ හිත ඉතින් ගොළු වෙලා යයි

 

නැගණියන් නොයිවසුව ගොඩගැහුණු අණපනත්

අගුලු හැර පෑළ දොර ඇහැරවයි

රතු උනත් ඇස් ඇගේ සහෝදරකම ළඟ දි

හිනාවෙන්නට ටිකක් වෙලා යයි

 

ඉහනිකට පැහුණු මට - නෙතට කඳුළක් මොකොට

ලිහෙන හිත බැඳ තබා ගත යුතුයි

දෙමාපිය දරු ඇසුර - තබා මතකය අතර

හිසට අත් තබා සමුදිය යුතුයි

 

හිත හයිය කරගන්න කියා දුන් බණ දහම්

ඇවිත් මට ඔච්චමට හිනා වෙයි

ගේ කුරුලු කැදැල්ලක කිචිබිචිය අහවරයි

ලෝ දහම ඈවරයි.....දෑවරයි.....

ISBN
9789550980314
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නික්මයෑමෙන් පසු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.