Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / අදයි අපේ උපන්දිනේ

අදයි අපේ උපන්දිනේ

ප්‍රකාශක (Publisher): The Novella Zone Publications
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

ළමයින් පොත් කියවිය යුත්තේ ඇයි?

එයට පිළිතුර නම් පොත් කියවීමෙන් ඔවුන්ගේ ජීවිතයට ප්‍රයෝජන රැසක් අත්වීම ය. එනම්, දරුවන්ගේ භාෂා සංවර්ධනයට පොත් කියවීම උපකාරී වෙයි. අලුත් වචන නිරන්තරයෙන් හමුවන නිසා ඔවුන්ගේ වාග්කෝෂය පුළුල් වෙයි. තමන් උගන්නා භාෂා මාධ්‍යය පිළිබඳ පැහැදිලිතාවයක් ඇති වෙයි.

තමන් අවට ඇති නැති සමාජයට සහ පරිසරයට පොතපතින් නිරාවරණය වන දරුවන් තමන්ගේම සිතුවිලි ලෝකයන් තනා ගනියි. තම හැඟීම් ඒ හා ගළපාගන්නට ඔවුන් සමත් වෙයි. සහකම්පනය හා මානුෂීයත්වය කෙරෙහි ඔවුන් තුළ වැඩි නැඹුරුවක් ඇති වෙයි.

දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම ද පොත් කියවීමෙන් ලැබෙන තවත් ප්‍රයෝජනයකි. සියල්ල තම දෑස ඉදිරියට රැගෙන එන දෘශ්‍ය ආධාරක නොමැතිව තමන්ගේම මනෝමය දසුන් මවාගන්නට ඔවුන්ට හැකි වන හෙයින් නිර්මාණශීලීත්වය වර්ධනය වෙයි.

පොත් කියවීමෙන් දරුවන් ලබනා තවත් වටිනා අත්දැකීමක් නම් එහි දී ඔවුන් තම කුතුහලය සහ ඉවසීම මැනවින් පවත්වා ගැනීමට ඉගෙනීමයි. මෙම ක්‍රියාවෙන් වඩාත් ප්‍රයෝජන ලැබෙන්නේ ඔවුන් තම පාසල් විෂයයන් හා ගැවසෙන විට දී ය. අධ්‍යයන මඟින් පෙනී ගොස් ඇති පරිදි පොත් කියවන දරුවන් පන්ති කාමරයෙහි දී බොහෝ විෂයයන්ට හොඳින් මුහුණ දෙයි.

එහෙයින් දරුවන්ට ගැළපෙන පොතක් ඔවුන් අතට පත් කිරීම සෑම වැඩිහිටියෙකුගේම යුතුකමකි; වගකීමකි.

දේවිකා මධුවන්ති ගෝවින්නගේ
(ශාස්ත්‍රවේදී, කැලණිය විශ්වවිද්‍යාලය / තොරතුරු තාක්ෂණ ගුරු පුහුණුලාභී - සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය / ප්‍රධාන කර්තෘ - ද නොවෙලා රීඩර් නවකතා සඟරාව)

අපගේ විශේෂ ස්තූතිය පද්මී අබේසිංහ විශ්‍රාමික ගුරුතුමිය වෙත පුද කර සිටිමු.

ISBN
9786246414078
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අදයි අපේ උපන්දිනේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.