'විමලක්කා මධ්‍යම රාත්‍රියේ මිය යන්නට ඇත. ඒ නිහඬ මරණයකි. දැන් ඇගේ මළ සිරුර අයිස් කඳක් මෙන් සීතලව ඇඳ උඩ ඇත. පණ ඇදීමේදී දැඟලීමෙන් ඇගේ ඇඳුම් තරමක් අවුල් වී එහා මෙහා විසිර තිබිය යුතුය. උඩ ඉන්දූන දෑස්, ඇරී ගිය බොල්ලෑ කට... නැහැයෙන් කටින් ගලා මිදී ගිය ලේ... කොට්ටවලත් රෙදිවලත් ලේ... අපොයි බලන්න බයයි. මම කොහොම බලන්න ද... මැරිලත් මාව කන්න පනීවි... ඒකිගෙ හැටි එහෙමයි. උඹ ගිය එකත් කොච්චර හොඳද... දැං ඉතිං අඬන්නෙ වැලපෙන්නෙ අද විතරයි. ඊට පසසෙ? ඊට පස්සෙ ඔක්කොම අවුල් ඉවරයි.'
නන්දන සුසුමක් හෙළුවේය. ඔහු සිතට දිරි වඩා මඳ අඳුර පැතිර ගිය සාලය ඔස්සේ අක්කාගේ කාමරය ළඟට ගියේය. ඒ තුළ තවමත් පහන දැල්වෙයි. දොර බාගෙට වැසී ඇත. දොරටුවට ළඟා වන විට නන්දනගේ බිය තියුණු වෙයි. මිනිය දුටු ගමන් කෑ ගසන්නට ඔහු දැන් සූදානම්ය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.