අදිසි
රාත්‍රී දහය හමාර වන ලෙසින් හෝරා යතුරෙහි කටු සුසර වන කල මන්දිරයෙහි දැල්වී තිබු සියලු විදුලි පහන් නිවි යන ලදී. කළුවන් අන්ධකාරය රජයන කාමරය තුළ දෑස් පියා ගත් මම තදින් හුස්මක් ළය තුළට උරා මෙයින් පසු කුමක් සිදු වන්නේ දැයි සිතුවෙමි. තත්පරයක් දෙකක් සහ තවත් තත්පරයක් ගතව ගියේය. අඩවල් කර තිබු දොර කුඩා හඬක් නංවමින් ඇතුළතට විවරව ගියේය. දැන් මට ඇසෙන්නේ පියවර හඬකි. තවත් මොහොතක ගතව ගිය තැන මගේ බඳ වටා දෑතක් එතී ගියේය. ගණ අන්ධකාරය නිසාවෙන් මට කිසිම කිසිවක් පෙනෙන්නේ නැත. එහෙත් ජවයෙන් පිරී ගිය මේ පිරිමි ස්පර්ශයත් ඒ හුස්මෙහි අපූරු උණුසුමත් විඳ ගන්නා අතර තුර මම සිතුවෙමි. මොහු කවුරුන්ද, මා විවාහ වී පැමිණි මහලු මනුජිත් ද, නෙඑසේ නම්.. වෙනත් කිසිවෙක්.. මට වැටහුම් නොමැති විය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.