නිසල නේත්‍රා 1
" මේ නේත්‍රා නෙමේ.. උඹලට මාව රවට්ටන්ඩ බෑ... මේ නේත්‍රා නෙමේ කියල මං දන්නවා..."
සාලය මැද හිටගෙන උන් යුවතිය වටා යමින් නිසල කෑගැසුවේය.
" හරි ඒකාලෙ මං අන්ධයනෙ...ඇස් පේන්නැති එකා කොහොමද නේත්‍රාව හොයාගන්නෙ කියල හිතුවද...මට නේත්‍රා අඳුරගන්න ඇස් දෙකක් ඕන්නෑ.. මං එයාව වින්දෙ ඇස් දෙකින් නෙවේ. ආත්මෙන්... ජීවිතෙන්... හදවතින්... මේ ලෝකෙ ඇස්පේන වෙන ඕනම මිනිහෙකුට විඳින්න බැරිතරම් අයුරුවට අන්ධ මං එයාව වින්දා..දන්නවද නේත්‍රා සෙන්ට්දාලා කෙල්ලෙක් නෙවේ. ඒත් හැම වෙලාවෙම එයාලඟින් එන සුවඳක් තිබ්බා.. ඒක නිකං කැලෑ මල්වල සුවඳක් වගේ.. ඒක තිබුණෙ එයා ළඟ විතරයි... වචනයක්වත් කතානොකර උනත් එයා ළඟක ඉන්නව කියල මං දැනගන්නෙ ඒ මල් සුවඳින්... අනිත් එක නේත්‍රාගෙ ඇඟිලි හරි සියුම්.. ඒ ඇඟිලි මං අල්ලනකොට ඒවා හිමිහිට ගැහෙනවා මට දැනෙනවා.. මගෙ ඇස් පෙනුනනම් ඒ තරම් සියුම් දෙයක් අඳුරගන්න මට බැරිවෙයි... ඒත් අන්ධ මං නේත්‍රාව අඳුරගත්තෙ එහෙමයි.. ගෑනු සීයක් අතරෙ උනත් නේත්‍රාව අඳුරගන්න තරමට මං නේත්‍රාව විඳල තියෙනවා. ඒ හින්දා උඹලට හිතෙන ඕනම කෙල්ලෙක්ව පෙන්නලා නේත්‍රා කියල මාව රවට්ටන්ඩ උඹලට බෑ.. "
නිසල වේදනාවෙන් කීවේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.