පුලස්ති වලව්ව
“මහත්තයට වෙච්ච දේ මහත්තය දන්නෙ නෑ. එදා රෑ ඔළුවත් පලාගෙන ගඟට වැටිලා මැරෙන්න ගිය වෙලාවේ මගේ කෙල්ල බේරගත්තෙ නැත්තම් අද මහත්තයා ජීවතුන් අතර නෑ.. එදා රෑ කළුවරේම කවුද කියලා දන්නෙත් නැතුව මගෙ කෙල්ල ගඟට පැනලා මහත්තයව ගොඩට ඇදගෙන ආවේ ජීවිතයක් නේද කියලා හිතලා..."
පුලස්ති වලව්ව දෙදරා යන්නට රාණි අම්මා කෑගැවාය. දමීරු ගල් ගැසිණ. එය හැබෑද?.. තමාගේ ජීවිතය බේරා ගත්තේ ඇයද?.. ඔහුට අදහාගන්නට බැරිවිය.
“මහත්තයගෙ මුළු ජීවිතේම ඒ අහිංසකිට ණයයි කියලා දන්නවද?.. මහත්තයා හුස්ම ගන්න වාරයක් ගානෙ මගෙ කෙල්ලට ණයයි කියලා දන්නවද?.. මහත්තයගෙ ඔය ඉතිරි ජීවිත කාලෙම මගෙ කෙල්ල මහත්තයට දුන්න ණයක් මහත්තයො..."
රාණි අම්මා මේ කියන්නේ ඇත්ත බව ඇය දනී... වෙඩි හඬත් එක්කම සිහිසුන්ව පාලමෙන් ගඟට වැටුණ තැනැත්තාව තමා එදා රෑ සීතල ගංදිය එක්ක සටන්කොට බේරා ගත්තේ කලින් දැනගෙන නොවේ. ඒ තවත් ජීවිතයක් නිසාය. ඒත් දැන් ඒ කිසිවක් කියා ඵලක් නොවේ. මේ විසල් පුලස්ති වලව්වේ උරුමක්කාරයාට-දමීරු දම්සක් පුලස්තිට ඒ කිසිවක් මතක නැත. යළි සුවය ලැබූ ඔහුට දැන් අතීතය පමණක් නොවේ. තමාට ආදරය කළ බවද මතකයේ නැත. ඈ වේදනාවෙන් සිතුවාය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.