අවසන් මරණය
වැසි පොදයක් ඇද හැලෙන ඒ රාත්‍රියේ හිස පටන් වැහි කබායක් පොරවාගත් ඡායාවක් පහන් කණුවයට දුරකතන කුටියට ඇතුළු විය. කාසි කීපයක් පෙට්ටි කටට ඔබා හේ පුවරුවේ අංක එහාමෙහා කළේය. ඒත් සමගම නගරයේ අනිත් කෙලවරේ සුවිශල් මන්දිරයක ස්ථාවර දුරකතනය හැඬවිණ.
‘හලෝ..’
විකාශ් තරුපති දුරකතනයට උත්තර දුන්නේය.
‘ජයනාත් තරුපතිගෙ අවසන් කටයුතු ඉවරද?’
ආගන්තුක කටහඬ ඇසුවේය.
‘ඔව් හවස භූමිදානය කළේ..’
තාත්තාගේ අවසන් කටයුතුවලට සහභාගි වෙන්නට බැරිවුණ කෙනෙකැයි විකාශ් සිතුවේය.
‘ඒ කියන්නෙ වැලලුවා..’
‘ඔව් කව්ද මේ..’
‘වලලනකොට තාත්තා මැරිල හිටිය කියල හොඳටම විශ්වාසද?’
‘කව්ද අයිසෙ මේ..?’
විකාශ්ට කෝපයක් දැනිණ. තාත්තා මියගියේ හෘදයාබාධයකිනි. රෝහලට ගෙනයන විටත් තාත්තා මියගොස් තිබිණ. ලංකාවේ දක්ෂ වෛද්‍යවරු තුන්දෙනෙකුම ඒ බව සනාථ කළහ.
‘කලබල වෙන්න එපා විකාශ් මහත්තයො.. මං ආවෙ ආරංචියක් කියන්ඩ.. දන්නවද ජයනාත් තරුපති මැරිල හිටියෙනෑ.. උඹල ඒ මිනිහව වැලලුවෙ පණපිටින්’
මෙය වියහැකිද? විකාශ්ගේ දෙපය පණ නැතිවිය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
GoodGood