ඈත දුර ඈත
හොංකොං, 'යන-එන' නගරයකි. එහි එන කිසිවෙක් වැඩි කල් නොරඳති. ඒ සුපිරි නගරයේ, දෙනෝදාහක් මැද, විදේශයකින් එන කෙනෙකු හුදෙකලා වීම වළක්වනු නොහැකිය. කලාතුරකින් කෙනෙකුට සොයා ගත හැකි දැඩි, ගැඹුරු බැඳීමක් හැරෙන්නට එහි බොහෝ මිනිස් සබඳතා නොගැඹුරුය. හරසුන්ය. ඒ නගඑය තුළ කෙනෙකුගේ ජීවිතය පටුය. අස්ථිරය. අවිචක්ෂණය.
සුඛෝපභෝගි සන්නාම වෙළඳ භාණ්ඩවලින්, වායු දුෂණයෙන්, කිසිවිටෙකවත් නොනිවෙන විදුලි ආලෝකයෙන්, වෘත්තිය හා සමාජීය අභියෝග වලින් පිරුණු ඒ සුපිරි නගරය තුළ සැබෑ ප්රේමයට පවා ඉඩක් නැති තරම්. සිය පාළුව මකා ගැනීම සඳහා සිය මතුපිට සුන්දරත්වය පමනක් සොයා යන තැළුණු සිතැන්නන්, ඒකඝන පදනමක් මත පිහිටිය හැකි ස්ථානයකට එනතුරු ඒ ඛේදජනක නාගරික හුදකලාවට හසුවී ඉබාගාතේ ගසාගෙන යනු ඇත.
'ඈත දුර ඈත' නවකතාවට පාදක වන්නේ ඒ නගරයේ ජීවත් වන ශ්රී ලාංකීක කාන්තාවකගේ ජීවිතයේ එක්තරා අවධියක සිදුවීම් මාලාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.