ආගන්තුක රෝගියා
එකිනෙකා කලින් දැන නො සිටි යුද්ධයෙන් පීඩාවට පත් පුද්ගලයින් සිව් දෙනෙකු ගේ ජීවන අත්දැකීම් මේ නවකතාවට පදනම් වී තිබේ. දෙවන ලෝක යුද්ධ සමයේ දී ඉතාලියේ කඳු ගැටයක් මුදුනේ පිහිටි විනාශ වූ සුවිසල් මන්දිරයක් තුළ දී මේ ආගන්තුක පිරිස හමු වෙති. ඔවුන් ගේ අතීත අත්දැකීම් ස්මරණය කිරීමේ ස්වරූපයෙන් මේ කතාව ඉදිරියට ගලා යයි. අනුවේදිනීය ප්‍රේම වෘත්තාන්තයක ස්වරූපය ගත්ත ද මේ නවකතාව විවිthru සිද්ධීන් ගෙන් අනූන ය.
යුද්ධයෙන් අනතුරට පත් ප්‍රදේශ මනුෂ්‍ය වාසයට යෝග්‍ය තත්ත්වයට පත් කිරීමේ නියැලී සිටින එඩිතර තරුණයකු ගේ ක්‍රියා කලාපය කාන්තාරවල සිදු කෙරෙන පුරා විද්‍යාත්මක ගවේෂණ, එකී පර්යේෂණවල යෙදී සිටින පුද්ගලයින් මුහුණ දෙන ඛේදනීය ඉරණම, කාන්තාරය තුළ පවතින කටුක බව මෙන් ම සුන්දරත්වය වැනි විවිධ විස්තර රැගත් මේ කෘතිය අපූර්ව භාෂා විලාසයකින් රචනා වී තිබේ.
'ආගන්තුක රෝගියා' යුද්ධයේ ඇති බිහිසුණු බව සහ කෲරත්වය මෙන් ම එහි ඇති නිරර්ථක භාවය ද මතුකර දක්වන විශිෂ්ට කෘතියකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
The English Patient : Michael Ondaatje - ආගන්තුක රොගියා : පරිවර්තනය : කේ. එන්. ඕ. පේරේරාමයිකල් ඔන්ඩච්චි ගේ "The English Patient" හි සි0හල පරිවර්තනය වන කේ. එන්. ඕ. පේරේරා ගේ "ආගන්තුක රෝගියා" මම වසර 3 1/2 ක් කියෙව්වෙය.
එහි ඉංග්‍රීසි සිනමා කෘතියද අතරමෑද නෑරෑබුවෙය.
මෙය "The Booker" සම්මානය දිනු කෘතියක්ය. එය ඉතාම සුන්දර ඉ0ග්‍රිසි කෘතියක් යෑයි මට සිතේ. මන්දයත් එහි සි0හල පරිවර්තනය ඉතාම හොදින් සිදුකර ඈත.
මෙය අත්තෙනම ඉතාම සියුම්ව සරලව කියවය යුතු පොතකි.
මන්දයත් කතුවරයා කතාවේ අවට පරිසරය මෙන්ම, චරිත වල අභ්යන්තර මනොභාවයන් හා සිතුවිලි ඉතාම වර්නානාත්මකව මෙන්ම ගෑඹුරින් විශ්ලේශනය කරන බෑවිනි.
මෙය මිනිස් ජීවිතය පිලිබන්ද්ව අලුත් පෑතිකඩක් පෙන්වන සහිත්ය්‍ය කෘතියකි.
මෙම කතාවේ ජීවිතය පිලිබන්දව පවත්නා සුන්දරත්වය, දුක්බර බව හා අනාගතයේ අවිනිශ්චිතබව පරිසරයේ භෞතිකමය වර්නනය හරහා මෙන්ම ඒ ඒ චරිතයකට අවේනික සියුම් මානසික චින්තනයන් හරහා ගෑඹුරින් හා ඉතාම විශ්ලේශනාත්මකව නිරුපණය කරයි.
-
★★☆☆☆ Michael ondaatjeI like this book